වාද්දුව සංචාරක හෝටලයේ නවාතැන් ගෙන සිටි දෙදෙනෙකුට කොරෝනා
වාද්දුව සංචාරක හෝටලයක නවාතැන් ගෙන සිටියදී පීසීආර් පරීක්ෂණයට භාජනය කළ පුද්ගලයන් පිරිසෙන් දෙදෙනෙකුට කොරෝනා රෝග ලක්ෂණ තිබෙන බවට වෛද්‍ය වාර්තා මගින් අද ( 17) තහවුරු වූ බව කළුතර දිස්ත්‍රික් කොවිඩ් සම්බන්ධීකාරක කළුතර මහ රෝහලේ වෛද්‍ය ක්‍රිශාන් හිරිමුතුගොඩ මහතා පැවසීය.
එලෙස කොරෝනා රෝග ලක්ෂණ පෙන්නුම් කරනු ලැබුවේ වයස අවුරුදු 38 ක පිරිමි පුද්ගලයෙක් හා වයස අවුරුදු 73 ක කාන්තාවකට බව වෛද්‍යවරයා කීය.
එම දෙදෙනා ඇතුළු පුද්ගලයන් හැත්තෑ පස් දෙනකු ඉකුත් 6 වැනිදා යුරෝපීය රටවල සිට මෙරටට පැමිණ වාද්දුව වස්කඩුව ප්‍රදේශයේ සංචාරක හෝටලයකට මුදල් ගෙවා නිරෝධනයට ලක්වෙමින් සිටිය බව වෛද්‍යවරයා පැවසීය .
එම පිරිස ඊයේ ( 16) දින පීසීආර් පරීක්ෂණයට භාජනය කිරීමෙන් අනතුරුව එම ජෛව පටල සාම්පල් ගාල්ල කරාපිටිය රෝහලේ දී පරීක්ෂණයට භාජනය කෙරිණි.
බිමල් ෂ්‍යාමන් ජයසිංහ

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

