උපන්දිනය දා පර්සිට තානාපති තනතුරක්
ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ නොමැකෙන සන්නාමයක් බදු වූ පර්සි අබේසේකර මහතාගේ අදට යෙදී ඇති 85 වන ජන්ම දිනයත් සමග "ලංකා සළුසල" ආයතනයේ සන්නාම තානාපති ලෙස පත් කිරීම අද දින සිදු කර බව රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා කියයි.
"ලංකා සළුසල" නාමය ජාත්‍යන්තර මට්ටමේ නව මානයකට ගෙන යන ඉදිරි වැඩසටහන් රාශියක් බතික්,අත්යන්ත්‍ර,රෙදි හා දේශීය ඇඟලුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍යංශය විසින් "ලංකා සළුසල" ආයතනය හා එක්ව දියත් කිරීමට කටයුතු සැලසුම් කර ඇතැයිද ඔහු පවසයි..
“ශ්‍රී ලාංකේය ජාතික ධජය ක්‍රිකට් පිටිය සිසාරා ලෙල දුන් දිනයක් වෙත්ද ඒ පර්සි අබේසේකර මහතා නිසාවෙනි.රට ජාතිය වෙනුවෙන් ශ්‍රී ලාංකේය ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් තවත් බොහෝ කලක් සේවය කිරීමට ඔබට ශක්තිය ලැබේවා” යැයි ඔහු සිය ෆෙස්බුක් ගිණුමෙන් පවසයි.
popular news
-
Anura Nanayakkara Wednesday, 04 August 2021 08:59 AM
Yes, a good proposal to recognise his services to Sri Lankan Cricket. May you live well over 100 years.!!
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

