මැතිවරණය ගැන තිරණය ශ්‍රේෂ්ඨාධිකරණය ගනියි
මැතිවරණය පවත් වනවා ද නැද්ද යන්න විසඳුම ලැබිය යුත්තේ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් බව හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා පොළොන්නරුවේ දී පැවැසීය.
මැතිවරණ කල් දමනවා ද යන්න මාධ්‍යවේදීන් පොළොන්නරුවේ දී ඒ මහතාගෙන් කළ විමසුමකදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මේ බව අද (06දා) පවසා සිටියේය. වැඩිදුරටත් කරුණු දැක්වූ හිටපු ජනාධිපතිවරයා මෙසේද කීය.
"මැතිවරණය කල් යනවද නැද්ද කියලා මට කියන්න පුළුවන් කමක් නැහැ. ඒකට තීන්දුව දෙන්නේ මැතිවරණ කොමිෂම සහ රජය තමයි ඒගොල්ලන්ගෙ සාකච්ඡා තුළ දැන් ලබන 09, 10 ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක් තිබෙනවා.
රජයත් මැතිවරණ කොමිසමක් දෙපාර්ශ්වයේම නඩු දිනයට ඉදිරිපත් වේවි. එදාට දෙපාර්ශ්වය සමග සාකච්ඡා කරලා ශේෂ්ඨාධිකරණයේ විනිසුරුවරුන් ගන්න තීරණය කුමක්ද කියලා අපිට තවම කියන්න පුළුවන් කමක් නැහැ බොහෝ විට එතැනින් තමයි ප්රශ්නය විසඳෙන්නේ කියන එකයි මගේ අදහස."
තුශාර තෙන්නකෝන් පොළොන්නරුව
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

