වව්නියාව අඩු ආදායම් ලාභී පවුලකට හේරත්ගෙන් නිවසක්
වව්නියාව දිස්ත්‍රීක්කයේ නැවත පදිංචිව අඩු ආදායම්ලාබී පවුල් වෙනුවෙන් වන්නි ආරක්ෂක සේනා මූලස්ථානය විසින් ස්ථීර නිවාස සාදා දීමේ වැඩසටහන වෙනුවෙන් ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායයමේ ටෙස්ට් නායකයෙකුද වූ රංගන හේරත් මහතා දායකත්වය ලබා දී ඇත.
මේ අනුව වන්නි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් කුමුදු පෙරේරා මහතාගේ උපදෙස්මත 21 වන සේනාංක බල ප්‍රදේශයේ සහ 56 සේනාංක බල ප්‍රදේශයේ නැවත පදිංචි අඩුආදායම්ලාබී පවුල් දෙකක් වෙනුවෙන් අංග සම්පූරණ නිවාස දෙකක් සැදීම සඳහා මුල ගල තැබීම ඊයේ (26) දින සිදු විය.
එහිදී එක් නිවසක් වෙනුවෙන් ක්‍රිකට් ක්‍රීඩක රංගන හේරත් මහතා මූල්‍යමය දායකත්වය දරන අතර අනෙක් නිවස වෙනුවෙන් පෞද්ගලික බැංකුවක ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී තාරක රන්වල මහතා විසින් මූල්‍ය දායකත්වය දරනු ලබයි.
මෙසේ ඉදිකරුනු ලබන නව නිවාස වෙනුවෙන් ශ්‍රම දායකත්වයෙ ලබා දෙන්නේ 2වන විජයබාහු පාබල රෙජිමේන්තුව සහ 7වන ශ්‍රීලංකා සිංහ රෙජිමේන්තුවේ සෙබලුන් විසිනි.




popular news
-
rocky Tuesday, 28 May 2019 06:18 AM
ඇයි ඉතින් ඕවා අඩු ආදායම් ලාභී දුප්පත් පවුල්වලට දුන්නේ? සජිත් උන්නැහේ කෙරුවා කියන විදිහට ගම්පහ පදිංචි දිසාපති අප්පුහාමි කෙනෙකුට තිරිකුනාමලයෙන් රණවිරු නිවසක් දුන්නා වගේ හොඳ ගෙවල් දොරවල් තියන සල්ලිකාර නිලධාරීන්ට දුන්නා නම් ඔයිට වඩා හොඳයි නේ!
Reply : 1 2
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

