විමල්ටත් නොකියා පොස්පේට් ගැලෙව්වේ ඇයි ?
ජනාධිපතිවරයා හදිසි ගැසට් නිවේදනයකින් විමල් වීරවංශ ඇමතිවරයාගේ අමාත්‍යංශයට අයත්ව තිබූ ලංකා පොස්පේට් සමාගම කර්මාන්ත ඇමතිවරයාට කිසිදු පූර්ව දැනුම්දීමක් නොකර කෘෂිකර්ම අමාත්‍යංශය යටතට පැවරීම ගැන දැඩි කතාබහක් ඇති වී තිබේ.
දිගින් දිගටම පාඩු ලැබූ ලංකා පොස්පේට් සමාගම 2020/2021 වසරේ දී රුපියල් මිලියන 93 ක ලාභයක් ලබා තිබියදීත් මෙවැනි වෙනස්කම් සිදු කිරීම විමතිය දනවන්නකි. එසේම ඉදිරියේ දී ජෛව හරිත පොහොර නිෂ්පාදනය කිරීමටද සමාගම සූදානමින් සිටි බව වාර්තාවෙයි.
මේ හරහා වර්තාමන පොහොර අර්බුදයට ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත පොහොර හරහා ස්ථිර විසඳුමක් කරා ගමන් කිරීම ආරම්භ කිරීමේ හැකියාව තිබූ බවද පැවසේ. එසේම සේවකයන් අතිරික්තයක්ව පැවති මෙම සමාගමේ වැඩ කටයුතු සඳහා කිසිදු නවක බඳවා ගැනීමක් සිදු නොකර වඩාත් සංවිධානාත්මකව එප්පාවල පොස්පේට් සමාගම පවත්වා ගිය බවද වාර්තාවෙයි.
කාබනික පොහොර ව්‍යාප්ත කිරීම සඳහා කෘෂිකර්ම අමාත්‍යංශය ගෙන යන වැඩපිළිවෙලට සහයෝගයක් ලෙස මෙම වෙනස්කම කර ඇතැයි ඇතැමෙකුගේ අදහස වුවද මෙතෙක් කෘෂිකර්ම අමාත්‍යංශය සහ පොස්පේට් සමාගම අතර කිසිදු අනවබෝධයක් හෝ ආරවුලක් සිදුව නොමැති බවද වාර්තාවෙයි.
එසේම දුමින්ද දිසානායක කෘෂිකර්ම ඇමතිවරයාව සිටින සමයේ සහ චමල් රාජපක්ෂ ඉතා කෙටි කලක් කෘෂිකර්ම ඇමතිව සිටි සමයේ එප්පාවල පොස්පේට් ආයතනය කෘෂිකර්ම අමාත්‍යංශය යටතේ තිබුණද මෙම මෙම ආයතනය පිහිටවූ දා සිටිම අනෙක් සෑම කාලයකම මෙය තිබී ඇත්තේ කර්මාන්ත අමාත්‍යංශය යටතේය.
මේ නිසා මෙම ආයතනය කර්මාන්ත අමාත්‍යංශයෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් රජයට හිතවත් බොහෝ පාර්ශ්ව සැක පහළ කරන අතර මෙය විමල් බැසිල් ගැටුමේ ප්රතිඵලයක්දෝයි සැක මතුවෙමින් තිබේ.

popular news
-
Saboor Marikkar Monday, 21 June 2021 11:56 AM
Sir! Seemawanta yatathwa kotharam neethy demuwath rajakariyen obbata mita Molawana gathyyak mahajanayata thibena thakkal rajaye niyoga kisima palak neha.1971 sita maage denime haa police, Royal ceylon guwan hamuda.sri Lanka police. 1980-2002 wenath arakshaka nipunathawaya anuwa sivil adumin swecha sewakayan rajaye arakshaka nilayan samaga yedaveemen 99% rate aarashwa balaporoththu viyaheka. Mage phon no 0777105081
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

