ඇමෙරිකාවේ තවත් ඉහළ නිලධාරිනියක් සති අන්තයේදී දිවයිනට
රෝමයේ පිහිටි එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්මය සඳහා වන නිරයෝජිතායතනයේ එක්සත් ජනපද ස්ථිර තානාපති සින්ඩි මැකේන් මහත්මිය සැප්තැම්බර් 25දා සිට 28දා තෙක් ශ්‍රී ලංකාවේ සංචාරයකට පැමිණීමට නියමිත බව ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති කාර්යාලය පවසයි.
මෙම සංචාරයේදී ඇය ශ්‍රී ලංකාරේ ක්‍රියාත්මක වන එක්සත් ජනපති ආහාර ආධාර වැඩසටහන් අවධාරණය කිරීමටත් ශ්‍රී ලංකාව සම්බන්ධරයන් එක්සත්ජ නපදයේ කැපවීම හා දෙරට අතර පවතින දීර්ඝ කාලීන හවුල්කාරීත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිතය.
එසේම ඇය රජයේ ඉහළ නිලධාරින් හමුවී සාකච්ඡා පැවැත්විමට නියමිත අතර ජාත්‍යන්තර ආධාර සංවිධාන සමගද සාකච්ඡා කිරිමට අපේක්ෂා කරයි.
එසේම ඇය ශ්‍රී ලංකාරේ එ.ජ. තානාපතිතුමිය වන ජුලී චංග් මහත්මිය සමගින් එක්ව මෙරට පාසල්, කෘෂිකර්මය, හා ප්‍රජා සංවිධාන පිළිබඳව සමාලෝචනයකට එක්වීමට නියමිතය. එසේම ඇමෙරිකානු ආධාර යටතේ ක්‍රියාත්මක ව්‍යාපෘතිවල ප්‍රගතියද ඇය විමසා බනු ඇත.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

