කුරුණෑගලට කිඹුල්ලු ඇවිත්
කුරුණෑගල ප්‍රදේශයට ආගන්තුක සත්ත්ව විශේෂයක් වශයෙන් සැලකෙන කිඹුලන් පොතුහැර පාත්‍රාගලවත්ත ගම්මානයේ වැවකට පැමිණ සිටීම හේතුවෙන් එම ප්‍රදේශයේ පදිංචි ජනතාව දැඩි භීතියකට පත්ව සිටිති.
මේ අකාරයටම කුරුණෑගල ප්‍රදේශයෙන් කිඹුලන් සිටින බව වාර්තා වීම තරමක වෙනස් සිදුවීමක් බව පැවසේ.
කිඹුලන් දෙදෙනෙකු පාත්‍රාගලවත්ත ප්‍රදේශයේ ඉදිකර තිබෙන අමුණුතුඩුව වැවේ මේ දිනවල සිටින ආකාරය දැකගත හැකිය.
කුරුණෑගල යනු කිඹුල්ලු දැකගත නොහැකි ප්‍රදේශයක් වුවද මේ ආකාරයට මෙම ප්‍රදේශයට කිඹුල්ලු පැමිණියේ කෙසේදැයි යන්න ප්‍රශ්නයක් වන බව ප්‍රදේශවාසිහූ පෙන්වා දෙති.
මීට මාස තුනකට පමණ පෙර සිට පාත්‍රාගලවත්ත ප්‍රදේශයේ ඇති අමුණුතුඩුව වැවේ ඉඳහිට දැකගන්නට ලැබුණු මේ කිඹුල්ලු දෙදෙනා මේවනවිට වැවෙන් ගොඩට පැමිණ ගම්මානය තුළ ගොදුරු සොයා සැරසරමින් නිවෙස්වල සුරතලයට ඇති කරන සුනඛයින් මෙන්ම එළුවන් කුකුළන් වැනි සතුන්ද ආහාරයට ගැනීමට පුරුදුව සිටීමෙන් ඉතා අනතුරුදායක තත්ත්වයක් නිර්මාණය වී ඇති බව ප්‍රදේශවාසින් පවසති.
කලකට පෙර ගොවිතැනට ජලය සපයා ගැනීම සඳහා ඉදිකර තිබෙන අමුණතුඩුව වැව ආසන්නයේ පිහිටි පාත්‍රාගලවත්ත වතුයායේ සේවය කරන කම්කරුවන්ගේ නිවාස පෙළක්ද තිබෙන අතර එම කම්කරුවන් සිය ස්නාන කටයුතු ඇතුළු අවශ්‍යතාවයන් රැසක් මෙම වැවෙන් ඉටුකර ගත්තද කිඹුල් බිය හේතුවෙන් දැන් වැව දෙසට යාමටවත් බියක් දක්වන බව ජනතාව කියති.
මේ අනතුරුදායක තත්ත්වය හේතුවෙන් මේවනවිට තම ජීවිතයේ ප්රමුඛ කාර්යයවී තිබෙන්නේ තම දරු පවුල් කිඹුලන්ගෙන් රැක ගැනීම බවත් මේ පිළිබඳව වනජීවී නිලධාරීන්ට පැමිණිලි කළද ඔවුන්ගෙන් කිසිදු ප්‍රතිචාරයක් ලැබී නැති බවත්ය. කිඹුල්ලු බැලීමට පැමිණි වනජීවී නිලධාරීන් කිඹුල්ලු අල්ලා රැගෙන යාමට කූඩුවක් රැගෙන එන බව පවසා ගියද ඔවුන් මෙතෙක් ඒ සඳහා නොපැමිණි බවටද ප්‍රදේශවාසින් චෝදනා එල්ල කරති
තම නිලධාරින් ජනතාවගේ පැමිණිල්ල සොයා බැලීමට ගිය බවද ඉක්මණින් ඒ සඳහා විසඳුමක් ලබා දෙන බවද මෙම චෝදනාව සම්බන්ධයෙන් කළ විමසීමකදී කුරුණෑගල කලාප වනජීවී කාර්යාලයේ නිලධාරියෙකු ප්‍රකාශ කළේය.
ගීතාංජලී ප්‍රියදර්ශනී


popular news
-
Rocky Monday, 06 February 2023 01:03 PM
Naayaka thumaawa hoyaagena enawa athi .. Chanda weda walata !
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

