වාලච්චේනේයි රජයේ කඩදාසි කම්හල පිළිසකර කිරිමට නාවික හමුදා සහාය
දීර්ඝ කාලයක් තිස්සේ වසා දමා තිබු මඩකලපුව වාලච්චේනේයි පිහිටි රජයේ කඩදාසි කම්හල යළි ක්‍රියාත්මක තත්ත්වයට ගැනීම සදහා රජය විසින් දරන්නාවු වෑයමට තාක්ෂණික සහය සැපයිමට ශ්‍රි ලංකා නාවික හමුදාව ඉදිරිපත් විය.
දිර්ඝ කාලයක් තිස්සේ භාවිතයෙන් ඉවත්ව තිබු මහා පරිමාණ යන්ත්‍ර සූත්‍ර නැවත යතා තත්ත්වයට ගැනීම සදහා රජය ගෙනයන වැඩපිළිවලට නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා ගේ උපදෙස් මත ශ්‍රි ලංකා නාවික හමුදාවේ විදුලි හා විද්‍යුත් ඉංජිනේරු ශිල්පීන්ගේ දායකත්වය, කඩදාසි කම්හල නැවත ප්‍රතිසංස්කරණය සිදු කරන ව්‍යාපෘති කණ්ඩායම් සදහා ලබාදිමට මෙලෙස කටයුතු කරන ලදි.
දැනට මඩකලපුව වාලච්චේනේයි පිහිටි රජයේ කඩදාසි කම්හලෙහි ඇති ප්‍රධාන යන්ත්‍ර දෙකෙන් එක් යන්ත්‍රයක් මේ වන විටත් ක්‍රියාකාරී මට්ටමට ගෙන ඇති අතර එම යන්ත්‍රයන්ට අදාල විද්‍යුත් පරිපථ අශ්‍රිත පිලිසකර කිරිම් නාවික හමුදාවේ නැගෙනහිර නාවික විධානයේ විදුලි හා විද්‍යුත් ඉංජිනේරු ශිල්පීන් මගින් සිදු කරනු ලබයි.
තවද කඩදාසි කම්හලෙහි අනෙකුත් විදුලි හා විද්‍යුත් අංශයේ අලුත්වැඩියා කටයුතු රැසක් නාවික හමුදා ශ්‍රම දායකත්වයෙන් සිදු කිරීමට සැලසුම් කර ඇත.


popular news
-
Kumar Wednesday, 24 June 2020 09:51 PM
This factory can't use straw to produce high quality paper because of the high silica content in straw. Then some big shot will get a fat contract to import paper pulp. In the US paper is made from lumber and there is low quality paper from recycled paper. This stone age factory will cost and arm and a leg to rehab. For instance and boilers and other pertinent items will have to be new.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

