ඉන්දියාවෙන් අත්පිට මුදලට තෙල් ගන්න යයි
අත්පිට මුදල් ගෙවා ඉන්දියාවෙන් පෙට්‍රල් හා ඩීසල් ආනයනය කිරිමට ශ්‍රී ලංකාවේ අවධානය යොමුව ඇතැයි ඩේලි මිරර් පුවත් සේවය වාර්තා කරයි.
මේ අනුව ඉන්ධන මෙට්‍රික් ටොන් 40000 බැගින් වූ නැව් තුනක් ඉන්දියාවෙන් මුදල් ගෙවා ලබාගැනීමට අවශ්‍ය කටයුතු සකස් කරමින් පවතී.
ලෝක වෙළඳපොළින් ඉහළ වට්ටම් යටතේ ඉන්දියාව ඉන්ධන තොග වශයෙන් ඇණවුම් කර ලබාගනියි. ලංකාවේ ඉන්ධන අවශ්‍යතාව වෙනුවෙන්ද මේ අනුව ඉන්දියාව සමග එක්ව ලෝක වෙළඳපොළින් තෙල් ආනයනය කිරීමටද ශ්‍රි ලංකාවේ අවධානය යොමුව තිබේ.
ඉන්දියාව ලබාගන්නා වට්ටම් අනුපාතය ලංකාවට ලබාගැනීම මෙහි අරමුණයි. පසුගිය කාලයේදී ශ්‍රි ලංකාව ඉන්දියාවෙන් හිමිවූ ණය පහසුකමක් යටතේ ලංකාවට ඉන්ධන ආනයනය කරනු ලැබීය. පසුගියදා එහි අවසන් නෞකාව ලංකාවට ලැබීමෙන් අතතුරුව ලංකාවට තෙල් නැව් නොපැමිණියේය.
මේ අනුව ශ්‍රී ලංකාව මේ වන විට දැඩි ඉන්ධන අර්බුදයකට ලක්ව තිබේ. ඉන්ධන ලබාගැනිම වෙනුවෙන් ඉන්දියාවෙන් තවත් ඩොලර් මිලියන 500ක ණය පහසුකමක් ලබාගැනීම පිළිබඳව මේ වන විට සාකච්ඡා පවත්වමින් තිබේ.
අත්පිට මුදලට ඉන්ධන ලබාගැනීම වෙනුවෙන්ද සතියකට අධික කාලයක් ගතවෙනු ඇතැයි වාර්තා වන බව ඩේලි මිරර් පුවත් සේවය වැඩිදුරටත් වාර්තා කරයි.
popular news
-
sanju Wednesday, 29 June 2022 04:45 PM
Loka weladapole milata wada godaak adu milata South Korea walain thel denna puluwan
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

