“හඬ“ ගුවන් විදුලි සඟරාව ජනමාධ්‍ය ඇමතිට පිළිගන්වයි
ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව මඟින් ප්‍රකාශයට පත් කරන “හඬ“ ගුවන් විදුලි සඟරාව, ජනමාධ්‍ය අමාත්‍ය හා ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා වෙත අද (15) දින පිළිගන්වනු ලැබීය.
අමාත්‍යවරයා වෙත සඟරාවේ නවතම පිටපත ප්‍රධානය කෙරුණේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සභාපති මාලක තල්වත්ත මහතා අතිනි.
දශක ගණනාවක සිට ශ්‍රව්‍ය මාධ්‍යයේ මුද්‍රිත හඬ නමින් “හඬ“ගුවන් විදුලි සඟරාව “හඬ“ සඟරාවේ ප්‍රධාන සංස්කාරක ලෙස තිලකරත්ක කුරුවිට බණ්ඩාර මහතා කටයුතු කරන අතර, මෙවැනි සඟරා ජනගත කරමින් ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව හරවත් මාධ්‍ය සන්නිවේදනයක් සඳහා සුවිශේෂී සේවාවක් කිරීම පිළිබඳව අමාත්‍යවරයාගේ විශේෂ ඇගයීමට ලක්විය.
මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සභාපති මාලක තල්වත්ත මහතා, ක්‍රියාකාරී අධ්යක්ෂ හෙරල් සේනාධීර, අධ්යක්ෂ ජෙනරාල් ඒරානන්ද හෙට්ටිආරච්චි, සංගීත හා ප්‍රකාශක අධ්යක්ෂ රංජිති ගාමිණී විජේසේකර යන මහත්වරු සහභාගි විය.

popular news
-
කමල් ශිු ලියනගේ Thursday, 25 July 2019 04:44 PM
මෙම සේවාව හොදයි.ඒත් උණුසුම් ව පුවත් පළවිය යුතුයි .
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

