’’ගෝඨා’’ ඓතිහාසික තිස්සමහාරාම විහාරය වැඳපුදා ගනියි
චමල් රාජපක්ෂ මහතා සහ ගෝඨාභය රාජපක්ෂ මහතා අද (16) පෙරවරුවේ තිස්සමහාරාම සදගිරි උභය රාජමහා විහාරාධිපති, මාතර කඳබොඩපත්තුව ඇතුලූ හම්බන්තොට ප්‍රධාන සංඝනායක ආචාර්ය දේවාලේගම ධම්මසේනනාහිමි බැහැදැක ආශිර්වාද ලබා ගත්තේය.
ජනාධිපති අපේක්ෂක ධූරයට නම් කිරීමෙන් අනතුරුව විජයග්‍රහණයේ චාරිකාවට සහභාගිවන ගෝඨාභය රාජපක්ෂ මහතා කතරගම සිට හම්බන්තොට දිස්ති‍්‍රක්කයට පැමිණීමෙන් පසුව හම්බන්තොට කාවන්තිස්සපුරදී ජනතාව විසින් උණුසුම් අයුරින් පිළිගනු ලැබිය.
පසුව තිස්සමහාරාම විහාරයට පැමිණ ආචාර්ය දේවාලේගම ධම්ම සේනනාහිමි බැහැදැක ආශිර්වාද ලබාගැනීම සිදුවිය.
ඉන් අනතුරුව පැවැති ආගමික වතාවත්වලින් පසුව අනුශාසනාවක් කරමින් ආශිර්වාද කළ දේවාලෝගම ධම්මසේනනාහිමි මෙසේ පැවසීය.
“ඔබ මේ ඓතිහාසික තිස්සමහාරාම පූජාභූමියට පැමිණ ආශිර්වාද ලබාගැනීම අගය කරනවා. රටට තිරණාත්මක අවස්ථාවක් උදාවෙලා තිබෙනවා. ජනතාව ජාතිභේදයකින් තොරව ඓතිහාසික තීන්දුවක් ගත යුතු අවස්ථාවකට පැමිණ තිබෙනවා. ගෝඨාභය රාජපක්ෂ මහතා පසුගිය කාලයේ මේ රටේ තිබුණු ත්‍රස්තවාදය තුරන් කරලා උතුරු නැගෙනහිර සාමය ඇති කළා. ඒ නිසයි උතුරු පළාත්සභාව පිහිටුවීමේ හැකියාව ලැබුණේ. ඒ විදියටයි රාජපක්ෂවරු රටේ ප්රජාතන්ත්රවාදය ඇති කළේ.
නමුත් වර්තමානයේ සිද්ධ වෙන්නේ මැතිවරණ කල් දැමීමයි. වත්මන් පාලකයෝ ගෝඨාභයට භයයි. ඒ නිසයි මැතිවරණ කල් දාන්නේ. තිස්සමහාරාමය කියන්නේ අවුරුදු 2500ට පෙරෙ ඓතිහාසික තීන්දුවක් ගත්ත භූමියක්. එදා දේවානම්පියතිස්ස රජතුමන්ගේ සහෝදර මහානාඝ කුමාරයා රෝහණ රාජ්‍යය ඇරඹුවා. මහානාඝ රජුගේ පුත් යටාලතිස්ස මේ රුහුණ එක්සේසත් කළා. ඒ වගේම කාවන්තිස්ස රජතුමාගේ පියා ගෝඨාභය, පසුව කාවන්තිස්ස රජතුමා විහාරමහාදේවි මෙහෙසිය කරගෙන මාගම් රාජ්‍යයත් සම්බන්ධ කරගෙන පාලනය කළා.
කාවන්තිස්ස රජතුමා තමන්ගේ පුතාට අවශ්‍ය පසුබිම සකස් කළා. සහෝදර සද්ධාතිස්සට මේ පළාතේ වෙල් ලක්ෂයක් කරන්න භාර කළා. ඌව වෙල්ලස්ස කියන්නේ ඓතිහාසික කැරැල්ලක් සිද්ධ වුණු පළාතක්. විශේෂයෙන් තරුණයෝ ඝාතනය කරලා වැව් අමුණු කඩාබිද දමලා ජන ශූන්‍ය ප්‍රදේශයක් බවට පත් කළා.
පසුගිය මහින්ද රාජපක්ෂ යුගයේදී මේ ප්‍රදේශය සංවර්ධනය කරන්න විශාල මහන්සියක් ගත්තා. නමුත් ඒවා විහිළුවට ගත්තා. රෝහලක් හදනවාටත් විරුද්ධ වුණා. වරාය හදද්දි නැව් නැහැ. ගලක් තියෙන්නේ කියලා විකුණලා දැම්මා. අන්තිමට චිනයටත් ඇමරිකාවටත් යටත්වෙලා වැඩ කරන රටක් බවට පත්වුණා.
ගෝඨාභය රාජපක්ෂ මහතා සම්මේලනය අවස්ථාවේ ප්‍රකාශ කළා කිසිකෙනෙකුට බිය වී තීන්දු තීරණ ගන්නේ නැති බව. එදා කාවන්තිස්ස රජතුමා ඇති කළ පරිසරයෙන් දුටුගැමුණු කුමාරයාට දස මහායෝධයෝ ඇති කරගන්න හැකි වුණා. ඒ අනුව ජාතිය අවදිකර සන්නද්ධ කර ගත්තා. මෙතැනින් පිටත් වුණේ මගේ මේ ව්‍යායාමය රජකම පිණිස නෙවෙයි. සද්භාවය හා ශාසනයේ දියුණුව සදහායි කියලා පොරොන්දු වෙලයි. ඒ විදියටම ගෝඨාභය රාජපක්ෂ මහතාත් මේ අවස්ථාවේ එවැනි ඓතිහාසික පොරොන්දුවක් දෙන්න කියලා ඉල්ලා සිටිනවා. සාමය ඇති කරලා මේ රට දියුණු කරන්න.
ඒ වගේම මිහිදු හාමුදුරුවෝ ලංකාවට ඇවිත් දේවානම්පියතිස්ස රජතුමාට, ඔබ මේ රට හිමිකාරයා නෙවෙයි. භාරකරුවා පමණයි කිව්වා. ඒ විදියට අපිත් මේ රට අවුරුදු පහෙන් පහකට ප්‍රජාතන්ත්‍රවාදීව අපේ ඡන්දය භාවිත කරලා පුද්ගලයෙකුට භාර කරනවා. මෙතැනට වැඩම කර සිටින ගරුතරමහා සංඝරත්නය ඔබතුමාට ආශිර්වාදය ප්‍රාර්ථනා කරනවා” යනුවෙන් උන්වහන්සේ වැඩිදුරටත් පැවසුහ.


popular news
-
darshika rajapaksha Friday, 16 August 2019 05:25 PM
මාලිගාවක කරුණු එළිවෙලා වෙඩිතියලා අනූනවයෙන් බේරුනා අපිට තවම මතකයි.ලජ්ජා නැති උදවිය...
Reply : 0 0
Don Sunday, 18 August 2019 08:57 AM
පැරණි පුජස්ථාන වඳින්න පෙර, අර ගෙවන්න තියෙන මිලියන 4400 SLPP බැංකුවෙන් ගෙවල දැම්මනම් තමයි හරි.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

