’’ආසියාවේ රැජින’’ ගන්න රටවල් දෙකකින් දැඩි උනන්දුවක්

"ආසියාවේ රැජිණ" ලෙස නම් කර ඇති ලොව විශාලතම ස්වාභාවික තනි නිල් මැණික එළඹෙන ජනවාරි මාසයේ මුල් සතිය තුළදී ඩොලර් මිලියන 100ක අවම ලන්සුවකින් ඩුබායි හිදී වෙන්දේසි කිරීමට මේ වන විට කටයුතු සිදුවෙමින් පවතින බව එම මැණිකේ හිමිකරු වූ චමිල සුරංග මහතා සඳහන් කරයි.
පසුගියදා බලංගොඩ ප්‍රදේශයෙන් හමුවූ බව කියන තනි නිල් මැණික අඩි 2කට වඩා උසකින් සහ අඩි 2 කට වඩා පළලකින් යුක්ත වන අතර එහි බර කැරට් 15 ලක්ෂ 50,000 ක් බවත් (කිලෝ 310 කි) මෙම මැණික කොරෝඩෝ පවුලට අයත් නිල් ගෙව්ඩවලින් තනි ගලකින් නිර්මාණය වී ඇතැයිද සඳහන්.
ඩුබායිහි බෝරා සමාගමක් මෙම වෙන්දේසියට මුල් වී කටයුතු කරන අතර ඒ සඳහා මැණික ඉදිරිපත් කිරීම වෙනුවෙන් ඩොලර් මිලියන 10 ක ගෙවීමක් තමන් වෙත මූලික වශයෙන් ලබාදීමට ද එම සමාගම කැමැත්ත ප්‍රකාශ කර ඇතැයි ද ඒ සඳහා අවශ්‍ය ගිවිසුම් මේ වන විට සකස් කරගෙන යන ඔහු පැවසීය.
මැණික මිලදී ගැනීම සඳහා චීනයෙන් මෙන්ම ඇමරිකාවෙන් ද දැඩි ඉල්ලුමක් පවතින අතර සුම් තාක්ෂණය ඔස්සේ එම රටවල නියෝජිතයින් සමග සිදුකළ සාකච්ඡාවේදී පැහැදිලි වූ බවත් චමීර සුරංග මහතා පැවසීය.
popular news
-
Poskdkksk Friday, 17 December 2021 03:58 AM
Every cloud has a silver lining
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

