‘පොට්ටු අම්මාන් ජීවතුන් අතර නෑ’
පොට්ටු අම්මාන් ජිවතුන් අතර නොමැති බව හිටපු එල්. ටී. ටී.ඊ. සාමාජිකයින්ගෙන් සැදුම්ලත් පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක හා නායක කේ. තුලසි පවසයි.
වවුනියාව දෙමළ මාධ්‍යවේදීන්ගේ සංගම් මූලස්ථානයේ පැවැත්වු මාධ්‍ය සාකච්ජාවකදී ඊයේ (02) හෙතෙම එලෙස පැවසුවේය.
තුලසි මහතා වැඩිදුරටත් පැවසූවේ එක් එක් පුද්ගලයින් ඇතැම් වාසි වෙනුවෙන් පොට්ටු අම්මාන් ජිවත්වන බවට පැවසුවද එල්.ටී.ටී.ඊ. සංවිධානයේ සිටි කිසිඳු නායකයෙකු ජිවතුන් අතර නොමැති බවයි.
එල්.ටී.ටී.ඊ. නැගෙනහිර නායකයා ලෙස සිටි කරුණා අම්මාන් පසුගියදා මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා ඇත්තේ පොට්ටු අම්මාන් නෝර්වේ ජිවිත් වන බවයි.
වවුනියාව - මාධව කුලසූරිය/මධුශංක අමරසිංහ

popular news
-
raji Monday, 03 December 2018 12:17 PM
එයා ජිවත් වෙනවා.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
