හෝර්ටන්තැන්න වනෝද්‍යානයේ සතුන්ට බාධාවන අයුරින් හැසුරුණු තිදෙනෙකුට දඩ
හෝර්ටන්තැන්න වනෝද්‍යානයේ වනසතුන්ට බාධාවන අයුරින් හැසිරීමේ චෝදනාවට වරද පිළිගත් පුද්ගලයන් තිදෙනෙකුහට රුපියල් 60000 ක දඩ මුදලක් ගෙවන ලෙස නුවරඑළිය මහේස්ත්‍රාත් පමෝද ජයසේකර මහතා විසින් අද (16) නියෝග කළේය.
එක් අයෙකුට රුපියල් 20000 බැගින් රුපියල් 60000 ක දඩ මුදලක් ගෙවීමට මෙසේ නියම වුයේ රත්නපුර, ගොඩිගමුව ප්‍රදේශයේ පදිංචිකරුවන් තිදෙනෙකුටය.
හෝර්ටන්තැන්න වනෝද්‍යානයේ මහඑළිතැන්න ප්‍රදේශයේ වනසතුන් බහුලව ගැවසෙන ස්ථානයක මෙම පිරිස වනසතුන්ට බාධාවන අයුරින් හැසිරෙමින් සිටි බව අධිකරණයට කරුණු දක්වමින් හෝර්ටන්තැන්න වනෝද්‍යානයේ අඩවි සහකාර පී. එම්. පී. පනාවලගේ මහතා පැවැසීය.
හෝර්ටන්තැන්න වනෝද්‍යානයේ නියෝජ්‍ය භාරකරු ටී. පී. දයාරත්න, අඩවි සහකාර පී. එම්. පී. පනාවලගේ, වනසත්ත්ව නියාමකවරුන් වනධාරක ලක්මාල්, රුක්ෂාන් සහ රියදුරු සුනිල් හතුරුසිංහ යන මහත්වරුන් විසින් මෙම වැටලීම සිදු කොට සැකකරුවන් අධිකරණය හමුවට ඉදිරිපත් කොට තිබිණි.
ශාන් හුලංනුගේ

-
දුප්පතා Thursday, 16 January 2020 09:05 PM
විශ්වාස කොරයිද මන්දා, හෝර්ටන්තැන්න වනෝද්‍යානයේ ශ්‍රී ලංකික වැඩිහිටි පුද්ගලයෙකුට අය කිරීම රු 388 ( Local Adult 60.00 Service Charge 300.00 VAT 28.00 ) , ඉතිරි රු 12 ගැන කතා කරන්නෙත් නෑ...
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

