මිරිහාන පොලිස් වසමේ මාදිවෙල ප්‍රදේශයේදී බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත වැටලීමක් සිදුකර හෙරොයින් කිලෝග්‍රෑම් 03 ග්‍රෑම් 649, අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 02 ග්‍රෑම් 109 ක් හා කුෂ් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 558 ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත. සැකකරු අවුරුදු 25 ක් වන මාදිවෙල, කෝට්ටේ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.