හොරෙන් පැනගිය රැඳවියෙකු මාස 15කට පසු හසුවු හැටි
බන්ධනාගාර නිලධාරින්ගේ ආරක්ෂාව යටතේ කරාපිටිය ශික්ෂණ රෝහලේ ප්රතිකාර ලබමින් සිටියදි පැනගිය රැදවියකු මාස 15කට පමණ පසු ඊයේ (14) රාත්රි හබරාදුව හැඩිවත්ත ප්රදේශයේදි අත්අඩංගුවට ගත්බැව් හබරාදුව පොලීසිය පවසයි.
මෙකි රැදවියා බන්ධනාගාර නිලධාරින්ගේ ආරක්ෂාව යටතේ සිටියදි 2019.09.18 වැනි දින බන්ධනාගාර නිලධාරින්ගෙන් මිදි පැනගොස් තිබුණි. හබරාදුව පොලිස් ස්ථානාධිපතිවරයාට ලැබුණු තොරතුරකට අනුව මෙම රැදවියා හැඩිවත්ත ප්රදේශයේ සැඟවි සිටියදි පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.
මොහු බන්ධනාගාර නිලධාරින්ගෙන් මිදි පැනගොස් ඇඹිලිපිටිය තිස්සමහාරාම යන ප්රදේශවල සිට ඇති බැව් පරික්ෂණවලදි අනාවරණය වි ඇත.
සැකකරු සොරකම් කිහිපයකට සම්බන්ධ අයෙකු බව පොලීසිය පවසයි. සැකකරුට එරෙහිව අධිකරණයේ විවෘත වරෙන්තු දෙකක් තිබෙන අයෙකු බව පරික්ෂණ වලදි අනාවරණය වි ඇත. ජඩයා යන අනවර්ථ නාමයෙන් හඳුන්වන සැකකරු තිස් අට හැවිරිදිවියේ පසුවන අයෙකි.
සැකකරු අද (15) අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතව තිබුණි.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

