තහනම් කළ ජාතික තව්හීද් ජමාත් සංවිධානය සමග සබඳතා පැවැත්වූ බවට හොරොව්පතානේදී සැකපිට අත්අඩංගුවට පත් සැකකරුවන් පස් දෙනා සන්තකයේ තිබූ බැංකු ගිණුම්වල රුපියල් බිලියනයකට අධික මුදලක් ඇති බව පොලීසිය විසින් අණාවරණය කරගෙන තිබේ.
මෙම සැකකරුවන් මරාගෙන මැරෙන ප්රහාරයකින් ජීවිතක්ෂයට පත්වූ ජාතික තව්හීත් ජමාත් සංවිධානයේ නායක සහ්රාන් හෂීම් සමගද සබඳතා පැවැත්වූ බව හෙළිකරගෙන ඇත.
අත්අඩංගුවට පත් සැකකරුවන් අතර හොරොව්පතාන ප්රදේශීය ලේකම් කාර්යාලයේ සංවර්ධන නිලධාරීවරයෙක්, හොරොව්පතාන රජයේ විදුහලක ගුරුවරයෙක්, අරාබි පාසලක ගුරුවන් දෙදෙනෙක් හා කැබිතිගොල්ලෑව පදිංචිකරුවෙක් මෙසේ අත්අඩංගුවට පත්විය.
සැකකරුවන් අනුරාධපුරයේ හා ත්රිකුණාමලයේ අන්තවාදී අදහස් පතුරුවා හැර ඇති බවට පොලීසිය තොරතුරු අණාවරණය කරගෙන ඇත.
