මහනුවර සිට මහියංගණය දක්වා ත්රිරෝද රථයකින් හෙරොයින් මත්කුඩු හා කේරල ගංජා ප්රවාහනය කරමින් සිටි වයස 23ක ගැබිණි කාන්තාවක් හා වයස 21ක්වු පුද්ගලයෙකු මහියංගණ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන මහියංගණ මහේස්ත්රාත් අධිකරණයේ වැඩ බලන මහේස්ත්රාත් ගාමිණි රඹකැන් පුර මහතා හමුවට ඉදිරිපත් කිරිමෙන් අනතුරුව දින 14ක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කෙරිනි.
මහියංගණ පොලිස්ථානයේ අපරාධ අංශයේ ජයසේකර මහතා හට ලැබුණු තොරතුරක් අනුව සිදු කල විර්ශනයකින් අනතුරුව මහවැලි පාලම අසලදී සැකකටයුතු ත්රිරෝද රථයේ මග හරස් කරමින් එම වැටලීම සිදු කරනු ලැබ ඇත.
අත්අඩංගුවට ගනු ලැබූ කාන්තාව සන්තකයේ තිබී හෙරොයින් මත් කුඩු ග්රෑම් 09ක් හා කේරළ ගංජා ග්රෑම් 173ක් ද, ඇයගේ සැමියා සන්තකයේ තිබී හෙරොයින් ග්රෑම් 02යි මිලි ග්රෑම් 610ක් තිබී අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
මත්කුඩු ප්රවාහනය සදහා විශේෂයෙන් මැසූ සාක්කුවක මත්කුඩු සඟවා සැක නොසිතන පරිදි එම මත්කුඩු හා කේරළ ගංජා ප්රවාහනය කරමින් සිට ඇත.
අත්අඩංගුවට ගත් කාන්තාව හා පුද්ගලයා මහියංගණ නගරයේ දොඩම්වත්ත ප්රදේශයේ පදිංචි කරුවන් වේ.
මහියංගණ ප්රදේශයට විශාල වශයෙන් මත්කුඩු රැගෙන එමින් අලෙවි කරමින් ජාවාරමේ නිරත එම පවුලේ සාමාජිකයන් කිහිප දෙනෙකුම පසුගිය මාස කිහිපයේ අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කිරිමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බව මහියංගණ පොලීසියේ ස්ථානාධිපති ප්රධාන පොලිස් පරික්ෂක ඒස් ජේ ඒ ආර් එල් සේනාධිර මහතා පවසයි.
