හෙරොයින් ගිල පැමිණ පාකිස්තාන යුවළක් අත්අඩංගුවට
හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් ගුලි වශයෙන් සකස් කර , ඒවා ගිල දමා ශ්‍රී ලංකාවට පැමිණි පාකිස්තානු ජාතික ගුවන් මගී යුවළක් ඊයේ (25දා) සවස කටුනායක ගුවන් තොටුපොළේ දී පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ.
මොවුන් දෙදෙනා අතරින් කාන්තාව 67 වන වියේ පසුවන අතර , පිරිමි පුද්ගලයා 44 හැවිරිදි වියේ පසුවන්නෙකි.
පාකිස්තානයේ සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණෙන ගුවන් යානා වල මගීන් සහ භාණ්ඩ ශ්‍රී ලංකා ආරක්ෂක නිලධාරීන් විසින් දැඩි පරීක්ෂාවකට ලක් කිරීම සිදු වන නිසා , ඔවුන් මග හැරීම සදහා , මොවුන් දෙදෙනා පාකිස්තානයේ ලාහෝර් සිට ඩුබායි වෙත ගොස් , එතැන් සිට එමිරේට්ස් ගුවන් සේවයේ යානයකින් ලංකාවට පැමිණ තිබේ.
සැකකරුවන් මීගමුව මහ රෝහල වෙත ඇතුළත් කිරීමෙන් පසුව රෝහල් වෛද්‍යවරුන් විසින් මොවුන් දෙදෙනාට විරේක බෙහෙත් ලබා දෙමින , ඔවුන් ගිල දමා ඇති හෙරොයින් ගුලි එළියට ගැනීමට ප්රයත්න දැරීම ආරම්භ කර තිබේ.
ඒ අනුව 10/26 දින උදෑසන වනවිට මෙම පාකිස්තානු ජාතික කාන්තාව විසින් ගිල දමා සිටි හෙරොයින් ගුලි 35 ක් එළියට ගැනීමට මීගමුව මහ රෝහල් වෛද්‍යවරුන් සමත් වී තිබේ.
ටී.කේ.ජී. කපිල

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

