හෙරොයින් කිලෝ ග්‍රෑම් 2.085ක් සමග පාකිස්තාන ජාතිකයෙකු පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය හා පොලිස් විශේෂ කාර්ය බලකාය ඒකාබද්ධව කළ මෙහෙයුමකදී අත්අඩංගුවට ගෙන තිබේ.
ඊයේ (10දා) කොල්ලුපිටිය ප්‍ර දේශයේ හෝටලයකදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ. සැකකරු පසුගිය ඉරිදා ශ්‍රී ලංකාවට පැමිණ ඇති අතර ඔහු දකුණු අප්‍රිකාව බලා පිටත්ව යෑමට සැලසුම් කර ඇති බවට අණාවරණය වි තිබේ.
සැකකරු අද කොටුව මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපත් කර දින 7ක රැඳවුම් නියෝග ලබා ගැනීමට අපේක්ෂා කරයි.
