දිවයිනේ ප්රධාන නගර ආශ්රිතව හෙට (10දා) පටන් මංතීරු නීතිය ක්රියාත්මක කිරීමට පොලිස් මූලස්ථානය තිරණය කර තිබේ. සති දෙකක සහන කාලයකින් අනතුරුව මෙසේ හෙට සිට මංතීරු නීතිය ක්රියාත්මක වෙයි.
මාර්ගවල පවතින රථවාහන තදබදය අවම කිරීම, රිය අනතුරු අවම කිරීම හා මාර්ග විනය ආරක්ෂා කිරීම යන අරමුණු ඇතිව මෙසේ මංතිරු නිතිය ක්රියාත්මක කරයි.
මංතිරු නීතිය කඩකරන රියදුරන්ට දැඩිව නීතිය ක්රියාත්මක කරන බව පොලිස් මූලස්ථානය පවසයි.
