හෙට කොළඹ අතුරු මාර්ග පුරවනවා
ඒකාබද්ධ විපක්ෂය මගින් හෙට (05දා) පවත්වන විරෝධතා රැලිය කොළඹ නගරයේදී පිවිසුම් මාර්ග අතුරු සිදුරු නැතිව පිරී යන ආකාරයට විරෝධතාව පවත්වන බව රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඒකාබද්ධ විපක්ෂයේ උප සභාපති ටී. රංජත් ද සොයිසා මහතා පැවසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා මෙසේද පවසා සිටියේය.
"වසර තුන හමාරක් තිස්සේ මේ යහපාලන ආණ්ඩුව ජනතාව පීඩාවෙන් පීඩාවට පත්කර තිබෙනවා. 'ජන බලය කොළඹට' යන මැයෙන් 'වැඩබැරි ආණ්ඩුව ගෙදර යවනු' තේමාව යටතේ හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් මෙම විරෝධතාව පවත්වනවා.
රටේ රාජ්‍ය සම්පත් විදේශිකයන්ට විකිණීමට එරෙහිවත් ජනතාව මත පටවා තිබෙන අසීමිත බදු බරට එරෙහිවත් මහ බැංකු මුදල් මංකොල්ලයට එරෙහිව තමයි එම විරෝධතාව පවත්වන්නේ. මෙම විරෝධතාව සඳහා ලක්ෂ ගණනින් කොළඹ නගරයට පැමිණීමට නියමිතව සිටිනවා.
ඒ සඳහා අවශ්‍ය සංවිධාන කටයුතු ආසන මට්ටමෙන් ඉතා සාර්ථක ලෙස සිදු කරනවා. අද දවසේ කොළඹ නගරයට පිවිසෙන සෑම මාර්ගයක්ම අතුරු සිදුරු නැතිව පිරී ඉතිරී යන බව මං විශ්වාස කරනවා."
බළන්ගොඩ - රෝහණ වසන්ත

popular news
-
Ruwan Wednesday, 05 September 2018 02:19 AM
අහිංසක මිනිසුන්ගේ ජිවිත සටන අසරණ කරන එක ඔබලාගේ එකම අරමුණ බව මෙරට සිටින සියලු මහජනතාව හොඳින් දනී. රතුපස්වල දී ජලය ඉල්ලා විරෝධතාවයේ නිරත වූ අහිංසක ගම්වැසියන්ට වෙඩි තැබුවේත්, නිදහස් වෙළෙද කළාපයේ උද්ඝෝෂකයින්ට වෙඩි තැබුවෙත්, ධීවර උද්ඝෝෂණ වලට වෙඩි තැබුවේත් හිටපු ආරක්ෂක ලේකම්වරයාගේ අනුදැනුම මත බව අමාත්‍යවරයා පවසයි.
Reply : 0 0
lion Wednesday, 05 September 2018 05:53 AM
ඕන නාඩගමක් නටන්න අපිට wada දෙන්න එපා
Reply : 0 1
rocky Wednesday, 05 September 2018 07:03 AM
ආණ්ඩුව ගෙදර යවන්න ඔය මහා ජාතියෙන් බැහැ. ඒකට නීත්‍යානුකුල ක්‍රමය භාවිත කරන්න. මොකෝ ඉවසන්න බැරි? ජාතික කැක්කුම උත්සන්න වෙලාද?
Reply : 0 1
Dinusha Sewwandi Hettiarachchi Wednesday, 05 September 2018 07:24 AM
ඔබලාගේ ආණ්ඩුව තිබුනු කාලයේදී ඉඩම් විදේශීය සමාගම් වලට සින්නක්කරව විකණුවේ නැද්ද? ශ්‍රැන්ගීලා එකට යුධ හමුදා ඉඩම විකුනුවේ කවූද? රටේ මාධ්‍ය ආයතන වැහි වැහැලා මුන්ගේ මාධ්‍ය සාකච්ඡාවකදී මේවා ගැන අහන්න එක හරි හමන් මාධ්‍ය කරුවන් නෑ. ඔය එක ප්‍රශ්නයක් විතරයි
Reply : 0 1
LANAKAN Wednesday, 05 September 2018 09:20 AM
කෑම පැකට් එකට, අරක්කු භාගයකට, රුපියල් 1000/= අද ඕනෑතරම් කුඩුකාරයෝ එනවා.
Reply : 0 1
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
