හෙට දිනයේදී මන්නාරම, වව්නියාව, මුලතිව් හා කිලිනොච්චි දිස්ත්‍රික්කවලටත් උතුරු මැද හා නැගෙනහිර පළාත්වලත් ඇතැම් ස්ථානවලට උණුසුම් කාලගුණික තත්ත්වයක් බලාපොරොත්තුවිය හැකි බව කාලගුණ විද්‍යා දොපර්තමේන්තුව සඳහන් කරයි.
අද පෙරවරුවේදී කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මෙම අවවාදාත්මක නිවේදනය නිකුත් කළේය. ඒ අනුව අදාළ ප්‍රදේශවල උණුසුම් දර්ශකය මිනිස් සිරුරට දැනෙන උණුසුම වැඩි අවධානය යොමුකළ යුතු මට්ටමක පවතින බවත් කාලගුණ විද්‍යා දොපර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි.
ඒ අනුව වැඩබිම්වල සිටින පුද්ගලයන් වැඩියෙන් ජලය පාලනය කරන ලෙසත් හැකිතරම් සෙවන ඇති ස්ථානවල විවේක ගන්නා ලෙසත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.
නිවෙස් තුළ සිටින රෝගී හා වැඩිහිටි පුද්ගලයන් පිළිබදව සැළකිලිමත් වන ලෙසත්, කුඩා ළමුන් වාහන තුළ තනියම රඳවා නොයන ලෙසත්, අධික වෙහෙසකාරී කටයුතු වලින් වළකින ලෙසත්, සුදු හෝ ළා පැහැති ඇඳුම් භවිත කරන ලෙසත් එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.
