හිසරදයට කොට්ට මාරු කිරීම පිළියමක් නොවෙයි
සාම්ප්රදායික දේශපාලනයෙන් මිදී එක්සත්ව එකමුතුව එක ගමනක් ඔස්සේ රට ඉදිරියට ගෙන යාමේ අරමුණින් නව සන්ධානය ගොඩ නගන බව අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා පැවසීය.
වත්මන් ආණ්ඩුව සුදු වෑන් සංස්කෘතිය නැති කර ප්රජාතන්ත්රවාදය ආරක්ෂා කර අලුත් රටක් නිර්මාණය කිරීමට පියවර ගත් බවත් ඒ ගමන තව දුරටත් ශක්තිමත් කරමින් ඉදිරියට යාම සඳහා මේ මස අවසන් වීමට පෙර නව සන්ධානය ගොඩ නගන බවත් වික්රමසිංහ මහතා කොළඹදී පැවසීය.
අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා මෙම අදහස් පළකලේ ඊයේ (08දා) සුගතදාස ගෘහස්ථ ක්රිඩාංගණයේදී පැවති දෑ අභිමානි උපහාර උළෙලට එක්වෙමිනි.
මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා මෙසේද පැවසීය.
“හිසරදයට කොට්ට මාරු කිරීම පිළියමක් නොවෙයි. අපි අලුතින් සිතමින් ඉදිරියට යා යුතුයි. එසේ නොවුනොත් රටේ ප්රජාතන්ත්රවාදී ක්රමවේදය කඩා වැටීමට ලක්වෙනවා. සාම්ප්රදායික දේශපාලනයෙන් ඔබ්බට ගොස් දේශපාලන පක්ෂ හා සියළු බලවේග සමග සන්ධානගත වී නව අදහස් සමඟ රට ඉදිරියට ගෙන යාමට කටයුතු කරනවා.
නව සන්ධානය බිහි කිරීම සඳහා මේ වන විටත් අපි සාකච්ඡා අරම්භ කර තිබෙනවා. එක්සත්ව එකමුතුව රට ඉදිරියට ගෙන යාමට හැකි එම සන්ධානය මේ මස අවසන් වීමට පෙර අපි ගොඩනගනවා”

popular news
-
Madamaawatha Friday, 09 August 2019 02:24 PM
එක නිසා වෙන්ඩ ඇති UNP එකට හිසරදයක් වෙලා ඉන්න ඔබතුමා තාම මාරු වෙන්නේ නැතුව ඉන්නේ!
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

