හිතන්න බැරි සහන දෙනවා- කිරිඇල්ල
ඉදිරි අයවැයේදී ජනතාවට සිතා ගැනීමට නොහැකි සහන ලබාදෙන බව අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සඳහන් කරයි.
අද (23දා) මහනුවරදී අස්ගිරි හා මල්වතු මහානායක හිමිවරුන් බැහැදැකීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළේය.
“ඉදිරියේදී තව අය එන්න ඉන්නවා. ඔවුන් ආවේ දේශපාලන ගමනකට. ඇමතිකම් බලාගෙන් ආවා නෙමෙයි. ඉදිරියේදි ඔවුන් අපිත් සමග තරග කරනවා.
දැන් අපේ රටේ ජනතාවට ව්‍යවස්ථාව ගැන හොඳ අවබෝධයක් තිබෙනවා. ව්‍යවස්ථාව අනුව ඇමතිවරු නම් කරන්නේ අගමැතිතුමා. විෂයන් බෙදන්නේ ජනාධිපතිතුමා. දෙපාර්ශ්වය මේ ගැටලුව විසඳා ගනීවි.
රජය ස්ථාවරයි. ඉදිරියෙදි අය වැය ආපුවාම බලාගන්න පුළුවන් ඒ අයට කොච්චරක් ඉන්නවද කියලා. හිතන්න බැරි සහන ජනතාවට දෙනවා. අත්‍යාවශ්‍ය භාණ්ඩ මිල, විශ්‍රාම වැටුප්, දිළිදු දීමනා. හිතන්න බැරි සහන දෙනවා.”
popular news
-
Deepal Nirosh Monday, 24 December 2018 10:47 AM
හිතන්න බැරි සහන මොනවත් නැතුවට කමක් නැහැ, මේ තිබෙන සහන ටික ආරක්ෂා කරල දෙන්න. ප්‍රමාද වෙලා තිබෙන පළාත් සභා ඡන්ද ටික ඇතුළුව ඉදිරියට නියමිත මැතිවරණ නිසි වෙලාවට පවත්වන්න. 20 වන ව්‍යවස්ථා සංශෝධනය අත්සිටුවල දෙන්න. ඒ සහන ටික හොඳටම ඇති.
Reply : 0 0
Sam Tuesday, 25 December 2018 12:37 PM
ඕනෙ ගොනෙකුට හොහොම කිව්වැකි ....! හරියට ඕනෙ ගොනෙකුට යුද්ද හැකි කිව වගේ
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

