හිටපු ජනපති රනිල්ගේ නඩුව කල් යයි
- 11 11 2026
- 16:51
- {{hitsCtrl.values.hits}} views
- ..
හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහට සහ හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායකට එරෙහිව පොදු දේපොළ පනත යටතේ ගොනුකර ඇති නඩුව අද (11) කොළඹ කොටුව මහේස්ත්රාත් අධිකරණයේදී කැඳවන ලද අතර යළිත් නඩුව දෙසැම්බර් මස 09වැනිදා කැඳවන ලෙස කොළඹ කොටුව මහෙස්ත්රාත් අධිකරණය නියම කළේය. හිටපු ජනපති රනිල් වික්රමසිංහ මහතා නඩුව වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටියේය.
2023 වසරේදී රනිල් වික්රමසිංහ සිය බිරිඳගේ උපාධි ප්රදානෝත්සවයට සහභාගී වීම සඳහා එක්සත් රාජධානියට ගිය අවස්ථාවට අදාළව රුපියල් මිලියන 16.6කට අධික රජයේ මුදල් අවභාවිතා කිරීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙම නඩුව ගොනුකර ඇත.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.