හිටපු ජනපති අතින් වු තවත් උතුම් ශාසනික මෙහෙවරක්
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සිය පස් වසරක ජනාධිපති ධූරයේ රාජකාරී නොවැම්බර් 17 වනදා අවසන් කළේ සම්බුද්ධ ශාසනය වෙනුවෙන් තවත් සුවිශේෂි කටයුත්තක් ඉටු කරමිනි.
එනම් වසර 2600කට පෙර සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ පාදස්පර්ශ වූ ශ්‍රී පාදස්ථානය පිහිටි සමනල අඩවිය සහ සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ දකුණ දළදා වහන්සේ නමක් වැඩසිටින ඓතිහාසික සෝමවති පුදබිම උතුම් පූජා නගර ලෙස නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරිමේ ගැසට් නිවේදනවලට අත්සන් තබමින් ජනාධිපතිතුමා සිය පස් වසරක ජනාධිපති ධූරයේ රාජකාරී අවසන් කළේය.
අද (01) උදෑසන සෝමාවති පුදබිමට පැමිණි හිටපු ජනාධිපතිතුමා විසින් ඓතිහාසික සෝමාවති රජමහා විහාරය හා ඒ ආශ්රිත පුරාවිද්‍යා ස්මාරක පිහිටා ඇති ප්‍රදේශය " ඓතිහාසික සෝමාවති පුජාභුමි කලාපය" නමින් ජාතික උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කිරිමේ සන්නස් පත්‍රය සෝමාවති රජමහා විහාරාධිපති ආචාර්ය පූජ්‍ය පහමුණේ සුමංගල හිමියන් වෙත පූජා කළේය.
අනතුරුව හිටපු ජනාධිපතිතුමා සෝමාවති පුජාභූමියේ සිදුවන සංවර්ධන කටයුතුද නිරික්ෂණයට ලක් කළේය.



popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

