විසිදෙදහසකට ආසන්න රැඳවියන් සංඛ්‍යාවක් බන්ධනාගාරවල ඉන්නවා. ඉන් විශාල පිරිසක් අවුරුදු දෙකකට අඩු දඬුවම් ලැබූ අයයි
තලතා අතුකෝරල ~ දිනමිණ ~ 2019 අප්‍රේල් 10
හිටපු අමාත්‍ය තලතා අතුකෝරල: රැඳවියන් ප්‍රමාණය පිළිබඳ වැරදි නමුත් සිර දඬුවම් පිළිබඳ නිවැරදිය
2019 අප්‍රේල් 10 වැනි දින දිනමිණ පුවත්පත මගින් එවකට සිටි අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුකෝරල මහත්මියගේ ඉහත ප්‍රකාශය වාර්තා කර තිබුණි.
මෙහිදී අපි හිටපු අමාත්‍යවරියගේ ප්‍රකාශ දෙකෙහි නිරවද්‍යතාව පරීක්ෂා කර බැලුවෙමු.
පළමු ප්‍රකාශය: මෙහිදී අපි 2018 වසර සඳහා වූ බන්ධනාගාර සංඛ්‍යාලේඛන වාර්තාව පරිශීලනය කෙරුවෙමු. එම වාර්තාවේ දත්ත ලබා දී ඇත්තේ 2017 වසර දක්වා වන අතර, එයට අනුව බන්ධනාගාරයේ සිටින රැඳවියන්ගේ ප්‍රමාණය දෛනික සාමාන්‍යයක් ලෙස 19,278 කි. මෙය ඇමතිවරිය පවසා ඇති ප්‍රමාණයට වඩා 15.5%ක් අඩුය. මෙයින් 9,036 දෙනෙකු දඬුවම් ලැබූ සිරකරුවන් වන අතර, 10,242 දෙනකු දඬුවම් නොලැබූ සිරකරුවන්ය (රිමාන්ඩ් භාරයේ පසුවන්නන්).
2017 වසරේ දත්තවලට අනුව එම වසරේ බන්ධනාගාරයේ දඬුවම් ලබා සිටි මුළු සිරකරුවන් ප්‍රමාණය 22,833කි. තලතා අතුකෝරල ඇමතිවරිය සිය ප්‍රකාශය තුළ පැවසූ අගය මෙය විය හැක. කෙසේ වෙතත් මුළු වර්ෂයක් තුළ දඬුවම් ලබා බන්ධනාගාරගත කර ඇති සිරකරුවන් ප්‍රමාණය, ඕනෑම කාලසීමාවක් තුළ දඬුවම් ලබා හා දඬුවම් නොලබා බන්ධනාගාරයේ රඳවා සිටින සිරකරුවන් ප්‍රමාණයට වෙනස් වේ. මෙයට හේතුව බොහෝ පුද්ගලයන් බන්ධනාගාරගතව සිටින්නේ ඉතා කෙටි කලකට බැවිනි.
දෙවැනි ප්‍රකාශය: 1 වගුවෙන් පෙන්වා දී ඇති ආකාරයට 2017 වසරේ දඬුවම් ලැබ බන්ධනාගාරගත කළ සිරකරුවන් අතරින් 93%ක (21,241ක) ප්‍රමාණයක් වසර දෙකකට අඩු කාලයක සිර දඬුවම් ලැබූ අයයි.
මෙහිදී බන්ධනාගාරගතව සිටින රැඳවියන් ප්‍රමාණය පිළිබඳ ඇමතිවරිය වැරදි නමුත්, විශාල පිරිසක් අවුරුදු දෙකකට අඩු දඬුවම් ලැබූ අය වීම පිළිබඳ නිවැරදිය.
මේ අනුව අපි තලතා අතුකෝරල ඇමතිවරියගේ ප්‍රකාශය අර්ධ සත්‍යයක් ලෙස ප්‍රකාශ කරමු.
*FactCheck හි නිශ්චය පාදක වී ඇත්තේ පොදු ජනයාට ප්‍රවේශ විය හැකි, වඩාත්ම යාවත්කාලීන තොරතුරු මතයි. අපගේ සෑම කරුණු සොයා බැලීමකදීම මෙන්ම මෙම කරුණු සොයා බැලීමේදීද වෙනත් නව තොරතුරු අනාවරණය වන්නේ නම්, FactCheck හි මෙම ඇගයීමද ඊට අනුකූලව යාවත්කාලීන කිරීමට අප සුදානම්.

