හිජාබය ගැන ගැටලුව අවසන්
මුස්ලිම් කාන්තාවන්ගේ හිජාබය සම්බන්ධයෙන් මතුව තිබූ ගැටලුව විසඳී තිබෙන බව තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය එම්.එච්.ඒ.හලීම් මහතා පැවසීය.
හදිසි නීතිය යටතේ ජනාධිපතිවරයා නිකුත් කළ ගැසට් නිවේදනයේ කන පෙනෙන සේ හිජාබය පැලඳිය යුතුයැයි දක්වා තිබුණු බවත්,ඒ සම්බන්ධයෙන් මුස්ලිම් සමාජයෙන් මතුවූ ඉල්ලීම සලකා බලා කන වැසෙන සේ හිජාබය පැළඳීමට අවසර ලබාදෙමින් නව ගැසට් නිවේදනයක් නිකුත් කර ඇතැයි ජනාධිපතිවරයා පැවසූ බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
එහෙත් මේ දක්වා එම ගැසට් නිවේදනය තමන් නොදුටු බවද ඒ මහතා අවධාරණය කළේය. පරීක්ෂා කිරීම්වලට හා මෙහෙයුම්වලට පැමිණෙන ආරක්ෂක අංශ ඉල්ලීමක් කළහොත්හි ජාබය ඉවත් කර එම පරීක්ෂණවලට සහාය ලබාදීමට මුස්ලිම් කාන්තාවන් සූදානමින් සිටින බවද හලීම් මහතා පැවසීය.

popular news
-
sg Monday, 13 May 2019 11:52 PM
මේ රටේ නීති දෙකක තියෙන්න විදිහක් නැහැ රටේ පොදු නීතියටස් සියල්ල යත විය යුතුය
Reply : 0 82
rocky Tuesday, 14 May 2019 06:31 AM
පළමුවෙන්ම මේ අන්තවාදියා එලවා දැමිය යුතුයි. හිජාබය මුළුමනින්ම තහනම් කල යුතුයි!!
Reply : 2 142
ranjith Thursday, 16 May 2019 04:47 AM
එක එක පරසව මත චන්ද කීරද කමට ජාතික තීන්දු නොගන්න රජයක් ස්ථාපිත කල උතුය
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

