හැම දෙයක්ම ජනපතිවරණයට සම්බන්ධයි - මහින්ද
වර්තමාන මුස්ලිම් දේශපාලනඥයින් සිංහලෙන් සංහිදියාව ගැන කථා කර දෙමළින් ජාතිවාදය වපුරන බවට චෝදනාවක් ඇතැයි විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා පැවැසීය. එසේම මේ වන විට සිදුව සෑම දෙයක්ම ඉදිරියේදී පැවැත්වීමට නියමිත ජනපතිවරණය සඳහා සම්බන්ධ බවත් ඔහු සඳහන් කළේය.
අද (11දා) විජේරාම ඔහුගේ නිල නිවසේදී පැවැති දේශනයකදී ඔහු මේ බව සඳහන් කළේය.
“මේ මොහොතේ සිදුවෙමින් පවතින හැම දෙයක්ම තව මාස කිහිපයකින් පවත්වන්න නියමිත ජනාධිපතිවරණයත් එක්ක කිට්ටුවෙන් බැඳිලා තියෙන බව අපි හැමෝම තේරුම් ගන්න ඕන.
වර්තමාන ආණ්ඩුවට ඕන කරන්නෙ 2015 ට කළින් නොයෙක් උප්පරවැට්ටි යොදලා තමන් වටේට සංවිධානය කරගත් මුස්ලිම් ඡන්ද පදනම ඊළඟ ජනාධිපතිවරණයටත් ඒ විදියටම පවත්වගන්න.
දැන් බැඳුම්කර වංචාව ගැන මුකුත් කතා නෑ, රටේ ණය අර්බුධය ගැන කතා නෑ. පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයෙන් පස්සෙ තාමත් තුවාල කරුවන් ඉස්පිරිතාල වල ඉන්නවා, ඒගොල්ලනුත් අමතකයි. අන්තවාදීන් ගැන මුකුත් කතාවක් නෑ. සෝදිසි කිරීමුත් නැවතිලා, ආයුධ හමුබවෙන්නෙත් නෑ.
අත්අඩංගුවට ගත්ත ත්‍රස්තවාදී සැකකරුවන් ගැන ගන්න පියවර ගැනත් මුකුත් කතාවක් නෑ. ඇතිවූ මේ උණුසුමත් එක්ක ආණ්ඩුව රටේ දේපොල විකුණන්නත් උත්සාහ කරනවා. එක ගලෙන් කුරුල්ලෝ සීයක් විතර මරලා.
අද ඉන්න මුස්ලිම් දේශපාලන නායකයෝ මුස්ලිම් ඡන්ද මත විතරක් රඳා පවතින නිසා ඒගොල්ලොන්ට ඒ ප්‍රජාව තුළ ඉන්න අන්තවාදීනුත් අවශ්‍යයි. පසුගිය වකවානුව පුරාම මුස්ලිම් අන්තවාදය මේ රට තුළ වර්ධනය වුණේ ඒකට විරුද්ධ වෙන්න දේශපාලන නායකත්වයට බැරි වුණ, බිය වුන නිසයි. මුස්ලිම් දේශපාලනඥයෝ සිංහලෙන් සංහිඳියාව ගැන කතා කරලා දෙමළෙන් ජාතිවාදය වපුරනවා කියලා ලොකු චෝදනාවක් තියෙනවා.”




popular news
-
dayan Tuesday, 11 June 2019 02:51 PM
චන්ද කියන ඒවා අපිටනම් ඇස්බැන්දුම්. සිංහල , දෙමල, මුස්ලිම් කියන ජාතිවාද චන්ද ගැන හීන දකින කාට කාටත් හරියට වටිනවා වගෙඉ.
Reply : 0 1
Kumar Tuesday, 11 June 2019 09:44 PM
හිටපු ජනාධිපතිතුමා උපාසක මහත්මයෙක් වෙලානෙ. ඔයගොල්ලන් නේද ඔය ජාතිවාදය පතුරුවන්නෙ. කුරුණෑගලද, කුලියපිට්යේද ඔයාගේ මිතුරුන් නේද ජාතිවාදය ඇතිකළේ. සීසර් සත් කමින් පසු දරුවන් නැති අයට වන්දිගේවන්න කිව්වේ කවුද? ඒ එම සැත්කමෙන් පසු නැවත දරුවන් ඇති අය එක්කෙනෙක් වත් නැතිව වගෙ. වන්දි කතාව කිව්වේ ඔබතුමාගේ වාසියට නොවේද. කුලියාපිටියේ මුලින්මකිව්වේ සිංහල ගමකට පහර දුන්න කියල ගමේ නම කවුරුවත් දන්නේනැ. ඊට පසුව කිව්වා පාරේ ඉන්න සිංහල වෙළෙන්දෙකුගේ අතපය කපල දම්ම කියා. ඔබතුමාලා තම මේ ජාතිවාදයෙන් ලබාගන්න හදන්නේ. ජනධිපති තනතුරට ඇති තණ්හාව නිසා නේද විවස්තාව වෙනස් කරලා නැවත ඉල්ලා අනාගත්තේ.
Reply : 0 0
shan Wednesday, 19 June 2019 10:44 AM
මෙන්න අපේ අප්පචි අදනම් ඇත්ත කීව 2018 ඔක්තොබෙර් මස සිට මේ දක්වා අප්‍රියල් 21 ප්‍රහාරයත් ඇතුළුව මේ සියල්ල මෙතුමා කියන කතාවට අන්තර්ගතයි එතකොට හැමෝටම හිතාගන්න පුළුවන් ජනපතිගේ ක්‍රියා කලාපය මෙතුමන්ලගේ අගමැතිගේ ක්‍රියා කලාපය ආරක්ෂක අංශ ප්රදනීන්ගේ ක්‍රියා කලාප අනුව හා අද වනවිට එලිවෙමින් පවතින දත්ත හා නියෝග දීම් අනුව මෙතුමාගේ කතාව හොදින් සනාථ කරන බව
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

