හැම තැනම සහරාන්ලා පේන්න ගත්තොත් මේ රටට අනාගතයක් නැහැ
හැම තැනම සහරාන්ලා පේන්න ගත්තොත් මේ රටට අනාගතයක් නොමැති බව මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලි චම්පික රණවක මහතා පවසයි.
මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා මෙම අදහස් පළකර සිටියේ රට හදන, රට රකින ජාතික මග ව්‍යාපාරයේ මහනුවර සමුළුවට සහභාගී වෙමිනි.
එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා,
“අතිභයානක ව්‍යසනයකින් පස්සේ සමාජය තුළ විවිධාකාරයේ සැක බිය අද ඇතිවෙලා තිබෙනවා. අද බෞද්ධයෝ බයවෙලා ඉන්නවා, මුස්ලිම් පල්ලිවල කඩු කිනිසි, කැති පොරව තියාගෙන ඉන්නවා අපිව විනාශ කරන්න කියලා. කතෝලික ප්‍රජාව බයවෙලා ඉන්නවා අපේ පල්ලිවලට යන්න බයේ මරාගෙන මැරෙන ප්‍රහාර එල්ලවෙයි කියලා. මුස්ලිම් ප්‍රජාව බයවෙලා ඉන්නවා විශාල ජන කණ්ඩායමක් මැද්දේ කොටුවෙලා ඉන්න නිසා නිවාසවලට පහර දෙයිද, පල්ලිවලට පහරදෙයිද, කඩ සාප්පුවලට ගහයිද, කොහොමද එළියට බහින්නේ කියලා. මුළු සමාජයම බියවෙලා තිගැස්මෙන් ඉන්න වෙලාවේ ත්‍රාඩයෝ කිහිප දෙනෙක් එළියට බැහැලා ජාතික වීරයෝ වෙන්න හදනවා. මේවයින් මොනවද ලැබෙන ප්‍රතිළුල.
මේ රටට කිසි සේත්ම සුභවාදී ඉදිරිගමනක් රටට ලැබෙන්නේ නැහැ. ඒක නිසා තමයි අපි මේ නිශ්චිත වැඩසටහන ඉදිරිපත් කළේ. අපි බොහොම පැහැදිලිව කියන්න ඕනේ ඉතාම සුළු පිරිසක් ඉන්නවා වැරදි ආකාරයට ආගමික වාක්‍ය කණ්ඩවලට අර්ථකථන සපයන. කුරාණයේ, බයිබලය, යුදෙව්වන්ගේ ටෝරා ග්‍රන්ථය මේවා අරගත්තහම මේවයේ තැන් තැන්වල තිබෙන වාක්‍ය ඕනෙම කෙනෙකුට ඕන ආකාරයකට මේවා අර්ථ නිරූපණය කිරීමේ හැකියාව තිබෙනවා.
පිළිම කඩන්න කියලා තිබෙන ප්‍රකාශ වෙන්න පුළුවන්. ඒ වගේම අන්‍ය ආගමිකයන් විනාශ කරන්න කියලා තිබෙන ප්‍රකාශ වෙන්න පුළුවන්. මේවා කියලා තිබෙන්නේ විශේෂ තත්ත්ව යටතේ. ඒවයින් එළියට ගත්තහම මේ ඕන විදිහට කි‍්‍රයා කරන්න පුළුවන්. බයිබලයේ තිබෙනවා ඇසට ඇසක් - දතට දතක් කියලා වාක්‍යයක්. අපිත් ඒ අනුව ගිහින් මුස්ලිම් ප්‍රජාවගෙන් ඇසට ඇසක්, දතට දතක් ගන්න ගියා නම් මොකද අද රටේ තත්ත්වය. එහෙම තිබුණා කියලා එම ප්‍රජාව එහෙම කි‍්‍රයා කළේ නැහැ. ඒක තමයි ඉතාම වැදගත් දේ. ආගමික වීරවරයෝ, ජාතික වීරවරයෝ එම අවස්ථාවේදී සිදු කළ දේවල් විය හැකියි. ඒවා ඒ ආකාරයටම මේ වර්තමානය තුළත් සිදුකරන්න ගියහොත් අපේ රටක් හැටියට, සමාජයක් හැටියට අපි විනාශයට පත් වෙනවා” යනුවෙන් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
කෂිනි හපුආරච්චි

popular news
-
sam Friday, 07 June 2019 04:52 PM
බයිබලය ඔය කියන ආකාරයේ වැරදි අර්ථ නිරූපණය වාක්‍ය .නැහැ මහත්වයෝ
Reply : 0 0
Kumar Friday, 07 June 2019 09:48 PM
සහරන්ලට කවුද බය. ඔහොම බයේ නිවට විදියට ජීවත්වෙන්න පුලුවන්ද. ලංකාවේ සෙබළුන් ඉන්නතාක් කල් බයවෙන්න දෙයක්.නැහැ. ත්රස්තවාදීන් හදිසිප්රහාරයක් එල්ලකලාට බයවෙන්න එපා. ඉන්පසු මැරයෝ එල්ලකරන ප්‍රහාරවලින් සමානය ජනයා ආරක්ෂා නොකලොත තමා සහරන්ලා දිනන්නෙ. ඇමෙරිකාවේ 3000ක් දෙනා එකවර අන්තවාදීන් ගාතනය කල දවසේවත් එකම ඉස්ලාම් බක්තිකයෙකුටවත් මැරයන්ගේ ප්‍රහාරයට ලක්වීම ඉඩතබුවේ නැහැ. කතාව නවතලා වැඩකලොත් තමා හොද.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

