කොළඹ - හැටන් A -7 මාර්ගයේ යටියන්තොට නගරයේ ගණදෙවි කෝවිල ඉදිරිපිට මාර්ගයේ ඇති බෝක්කුව ගිලා බැසීම හේතුවෙන් එය අලුත්වැඩියා කිරිම සඳහා අද (11) දින සිට මෙම මාර්ගයේ වාහන ගමනාගමනය සිමා කීරිමට කටයුතු කර ඇත.
ඒ අනුව ඉහත මාර්ගය ගමන්ගන්නා වාහන විකල්ප මාර්ගයක් ලෙස පැරණි කොළඹ -හැටන් මාර්ගය යටියන්තොට නගරය ඹරලෝසු කණුව අසලින් හා බෝධිය අසලින් සමන් දෙවි පිළිරුව දක්වා ගමන්කර ප්රධාන මාර්ගයට පිවිසිය හැක.
