හැටන් බගවන්තලාව ප්රධාන මාර්ගයේ හැටන් දික්ඔය වත්ත ප්රදේශයෙන් ප්රධාන මාර්ගයට පස් කන්දක් කඩා වැටිම හේතුවෙන් එම මාර්ගයේ රථ වාහන ගමනා ගමනයට බාධා එල්ල වි ඇති බව හැටන් පොලීසිය පවසයි.
අද (14) පස්වරු 4 ට පමණ ප්රධාන මාර්ගයට ඉහළින් වු තේ වත්ත ප්රදේශයෙන් පස් කන්දක කොටසක් ප්රධාන මාර්ගයට කඩා වැටිම නිසා එම මාර්ගයේ ගමනා ගමන කටයුතු එක් මංතිරුවකට පමණක් සිමා කර තිබුණි.
ප්රධාන මාර්ගයට ඉහළින් වතු කම්කරුවන්ට පානිය ජලය ලබා දෙමින් තිබු ජල නලයක් කාන්දු විම නිසා පස් කන්ද කඩා වැටි ඇති බවටයි පොලීසිය සැකකරන්නේ.
ප්රධාන මාර්ගයට කඩා වැටුණු පස් කන්ද ඉවත් කිරිමට නොර්වුඩ් මාර්ග සංවර්ධන අධිකාරියට දැනුම් දුන් බව හැටන් පොලීසිය පවසයි.
