හැටන් නගරයේ සංසරණය වන හොර නෝට්ටු
පසුගිය දින කිහිපය තුළ හැටන් නගරයේ ව්‍යාපාරිකයන් කිහිපදෙනෙකු විසින් පෞද්ගලික බැංකු කිහිපයක් වෙත මුදල් තැන්පත් කිරිමේදි එම මුදල් තුළ රු දහසයේ සහ රු පන්දහසේ ව්‍යාජ මුදල් නොට්ටු තිබි හමු වි ඇති බව එම බැංකු කළමනාකාරිත්වය විසින් සිය ගණුදෙනුකරුවන්ව දැනුවත් කර ඇත.
හැටන් නගරයේ ව්‍යාපාරිකයන් විසින් තම පෞද්ගලික බැංකු වෙත මුදල් තැන්පත් කිරිමට යාමේදි බැංකුවේ අයකැමි විසින් එම මුදල් යන්ත්‍රානුසාරයෙන් ගණනය කිරිමේදි ව්‍යාජ මුදල් නොට්ටු එම යන්ත්‍රයෙන් ඉවත් වි ඇත.
පසුව එම ව්‍යාජ මුදල් නොට්ටු බැංකුව විසින් අවලංගු කර ව්‍යාජ මුදල් නොට්ටුවේ ඡායාස්ථික පිටපතක් මගින් තම ගණුදෙනුකරුවන්ට බැංකු කළමණාකාරිත්වය මගින් දැනුම් දි ඇත.
හැටන් ප්‍රදේශයේ පෞද්ගලික බැංකු ගණනාවකටම මෙවැනි ව්‍යාජ මුදල් නොට්ටු ලැබිම නිසා එම බැංකු කළමනාකාරිත්වය විසින් සියලුම ව්‍යාපාරික ගණුදෙනු කරුවන් වෙත දැනුම් දි ඇත්තේ පාරිභෝගිකයන්ගෙන් මුදල් ලබා ගැනිමේදි සැලකිලිමත් වෙන ලෙසයි.
පසුගිය දින කිහිපය තුළ හැටන් නගරයට විශාල පාරිභෝගිකයන් පිරිසක් පැමිණි අතර එම පාරිභෝගිකයන් අතරින් මෙම මුදල් සංසරණය වෙන්නට ඇති බවයි හැටන් නගරයේ ව්‍යාපාරික ප්‍රජාව සැකකරන්නේ.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

