හුස්ම දෙන තුරු - රුක් රෝපණ වැඩසටහන ඇරඹේ
පැළ මිලියන 02ක් සිටුවන “හුස්ම දෙන තුරු” ජාතික රුක් රෝපණ වැඩසටහන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් ඇරඹේ.
“සෞභාග්‍යයේ දැක්ම” රාජ්‍ය ප්‍රතිපත්ති ප්රකාශනයේ සඳහන් පරිදි රටේ වනගහනය භූමි ප්‍රමාණයෙන් 30%ක් දක්වා වැඩිකිරීමට අපේක්ෂා කෙරේ. ඊට අනුගතව පරිසර අමාත්‍යාංශය විසින් වැඩසටහන සැලසුම් කෙරිණ.
වායු ගෝලයේ කාබන් ඩයොක්සයිඩ් ප්‍රතිශතය අවම කර ගැනීම හා ඔක්සිජන් පරිමාව ඉහළ නැංවීම අරමුණු කර ගනිමින් ඒ ඒ ප්‍රදේශවලට ගැලපෙන පරිදි රුක් රෝපණය කෙරේ. ඉදිරි වසර පහ ඇතුලත පැළ මිලියන 02ක් රෝපණය කිරීමට පරිසර අමාත්‍යාංශය සැලසුම් කර ඇත.
මධ්‍යම පරිසර අධිකාරිය, පරිසර අමාත්‍යාංශය, ආරක්ෂක මූලස්ථානය හා ශ්‍රී ලංකා යුද හමුදාව ඒකාබද්ධව වැඩසටහන ක්‍රියාත්මක කරයි.
ජනාධිපතිතුමා අද (20) පෙරවරුවේ බත්තරමුල්ල, මධ්‍යම පරිසර අධිකාරිය ඉදිරිපිට ආරක්ෂක මූලස්ථාන පිවිසුම් මාර්ගය අසල පළමු පැළය ලෙස සුදු සඳුන් පැළයක් රෝපණය කළේය. පරිසර අමාත්‍ය මහින්ද අමරවීර සහ හමුදා මාණ්ඩලික ප්‍රධානී හා යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා යන මහත්වරු ද පැල සිටුවමින් වැඩසටහනට එක් වූහ.
රට පුරා පැළ බෙදා දීම සංකේතවත් කරමින් පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් පිරිසකට පැළ බෙදා දෙනු ලැබීය.
පරිසර අමාත්‍යාංශයේ ලේකම් අනිල් ජාසිංහ මහතා ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

popular news
-
kumara Friday, 27 November 2020 08:17 AM
There are 4 elements, air, water, our human body has all 4 types, pls remove the cause of suffering, tangle thoughts, thoughts gover n the universe, as per Lord buddha. Cancelle your bad karma, improve kusala karma, consciousness, awake person, mighty human, your thoughts loved by plants producing oxygen, end of the suffering, on the road again, thanks, kumara, my Web truth and harmony.blogspot.com, wish you all good health,happiness.
Reply : 2 2
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

