හමුදාපතිට පැනවු තහනමට රජය එඩිතර තින්දුවක් ගත යුතුයි - පාහියංගල හිමි
ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාට ඇමරිකාවට ඇතුල්විම තහනම් කිරිමේ නියෝගය භික්ෂුන් හැටියට අපි තරයේ හෙළා දකිනවා යැයි පුජ්‍ය පාහියංගල ආනන්ද සාගර හිමියන් පැවසිය.
උන්වහන්සේ මේ බව පැවසුවේ පාහියංගල ආරණ්‍ය සේනාසනයේදි මාධ්‍යයට අදහස් දක්වමිනි.
එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු උන්වහන්සේ,
“අපි වගේ තුන්වන ලෝකයේ රටවල් තලා පෙළා බිත්තියට හේත්තු කරල තියෙන තත්ත්වයක් මේක. මේ තත්ත්වය යටතේ අපි ඉතාමත් බැරැරුම් තත්ත්වයකට රටක් වශයෙන් මුහුණ දිලා තියෙන්නේ. හමුදාපතිට ඇමරිකාවට ඇතුලත්විම තහනම් කර තිබෙනවා. රටේ ස්වාධිනත්වයට හානිකර ඉතාමත් සදාචාර විරෝධි කි්රයාවක්. තුන්වන ලෝකයේ ආධාර මත ජිවත්වන රටවල්වලට තියෙන නිදහසට ආධිරාජ්යවාදි අත පෙවිම නින්දිත කි්රයාවක්. ලෝක සම්මුතියෙන් පිට කි්රයාවක්. මේ ඇමරිකා කි‍්‍රයාමාර්ගය අපි භික්ෂුන් හැටියට තරයේ හෙළා දකිනවා.
අපි ජාතික සංවිධානවලට කියනවා. තානාපති කාර්යාලය ඉදිරිපිටට ඇවිත් කියන්න අපේ රටේ නිදහසට ප්‍රජාත්‍රන්තවාදයට අත තියන්න එපා. අපේ රට ස්වාධින රටක් ඇමරිකාවේ අතකොලුවක් නොවෙයි. ඇමරිකාවේ ප්‍රාන්තයක් නොවෙයි කියලා.
රජයට කියන්න තියෙන්නේ මේ වගේ තත්ත්වයක් පිලිපිනයේ හමුදාපතිවරයාට ඇති වුණාම පිලිපින ජනාධිපතිවරයා නිර්භිත තින්දුවක් ගත්තා ලෝකයේ සංචාරක හමුදා ගිවිසුම් ගතවෙලා තිබු ගිවිසුමෙන් ජනාධිපතිවරයා ඉවත් වෙන්න.
අපි රජයට කියනවා ජනාධිපතිවරයා හැටියට මේ අවස්ථාවේ එඩිතර තින්දුවක් ගන්න ඕන. ඒ තින්දුව වපසරිය ගොඩක් තියෙනවා. මේ සම්බන්ධයෙන් සාධාරණ යුධ අපරාධ පරික්ෂණයක් කරනැහැ. ඒ හරහා ශවේන්ද්‍ර සිල්වා යුධ අපරාධකාරයෙන් හැටියට මානව හිමිකම් උල්ලංඝනය කල කෙනෙක් බවට සඳහනක් කර නැහැ. මානව හිමිකම් කඩකර ඇති බවට සනාථ වෙලා නැහැ. එයා හිටියේ 58 සේනාංකයේ. එවිට හමුදාපති නොවෙයි. එක් පුද්ගලයෙක් ඉලක්ක කරගෙන ඇමරිකාවට ඇතුල්විම තහනම් කිරිම ඒ රටේ උද්දච්ච තින්දුවක් විදිහට අපි භික්ෂුන් හැටියට තරයේ හෙළා දකිනවා.
විශේෂයෙන් අපේ රටේ පාලකයෝ ආණ්ඩු පත්වෙන සැම අවස්ථාවකම අපි දකිනවා ඇක්සා සෝෆා සිංගප්පුරු ගිවිසුම්වලට අත්සන් කරනවා කිසිවග විභාගයකින් තොරව. දෙන්නා තුන්දෙනෙක්ගේ අභිමතය පරිදියි මේවට අත්සන් කරන්නේ. රාජ්‍ය නිලධාරින්ගේ දේශපාලඥයින්ගේ ඕනෑ එපාකම් ඉටුකරන්නයි මේ ගිවිසුම් වලට යන්නේ. කිසි වගවිභාගයකින් තොරව අත්සන් කරන මේ ගිවිසුම්වල තියෙන බැරැරුම් තත්ත්වය ඊළඟ පරම්පරාව අත්විදිනවා. එය අපේ රටට ශාපයක් වෙලා” යැයි උන්වහන්නේ පැවසීය.

popular news
-
ඉලේපෙරුම Monday, 17 February 2020 04:30 PM
හාමුදුරුවන් කෑ ගහන තරමට ඇමරිකාවට පුප්පන්න හයිය තියන ජාතියක් නෙමෙයි අපි. ඇමරිකන්කාරයා අපෙන් බඩු ගන්න එක නැවැත්වූවොත් හරි අපට ණය දෙන එන නැවැත්වූවොත් හරි අපි කපෝතියි.
Reply : 0 0
Champa Monday, 17 February 2020 06:23 PM
හරියට හරි. ගිහි පැවිදි හොර දේශප්‍රේමියෝ පොළොවේ හැපිලා පත් කර ගත්ත ජනාධිපති ඇමරිකන්ද ශ්‍රී ලංකන්ද කියල බලන්න හොඳම විදිහ තමයි MCC SOFA ගිවිසුම් අත්සන් කරන්නේ නැහැ කියල කෙලින්ම කියන එක. ඒ මොකොද කිව්වා නම් NGOකාරයෝ නඩයක් උසාවියේ දාපු නඩුව වීසි කළා මිසක් ජනාධිපති, චන්දෙට ඉල්ලන කොටත් ඇමරිකන් පුරවැසියෙක් නොවෙන බව ඔප්පු වුනේ නැහැ. නඩු දාපු හාදයන්ට පොහොට්ටුවෙන් විදේශ සංචාරයක් ලැබුන. නඩුව වීසි කරපු නඩුකාරයට උසස්වීමක් ලැබුන. ජනාධිපතිවරණ අපේක්ෂකයන්ගේ ද්විත්ව පුරවැසියන්ද නැත්ද කියල බලන්න අවශ්‍ය නැහැ කියපු චන්ද කොම්පැනියේ සභාපතිගේ සහෝදරයට අධ්‍යක්ෂක පත්වීමක් ලැබුන ICTA එකට. චන්ද ප්‍රතිපල පෞද්ගලකරනීය කරන්න චන්ද කොම්පැනියේ සභාපති තෝරා ගත්ත කොම්පැනියේ ලොක්කටත් අධ්යක්ෂ පදවියක් ලැබුන ICTA එකට. ඔන්න වැඩ. ඇමරිකාව කියනව යූටර්න් ආණ්ඩුව මැයි වෙනකම් කල් ඉල්ලුවලු අත්සන් කරන්න. ඒ කියන්නේ මහා මැතිවරණයේදී ජනතාව රවට්ටලා ඊට පස්සේ අත්සන් කරන්න හිතා ඉන්නේ.
Reply : 0 0
Devinda Uduwara Tuesday, 18 February 2020 08:20 AM
Hamuduruwo MCC givisuma sambandawa prathicharaya kumakda?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
