හම්බන්තොට වනසතුන් දඩයම ඉහළට
කාලයක් තිස්සේ වනාන්තරව පැවැති හම්බන්තොට රක්ෂිත ප්රදේශයන් සංවර්ධන කටයුතු සඳහා මෙන්ම නොයෙක් කටයුතු සඳහා නීතිවිරෝධී මෙන්ම රාජ්ය මැදිහත් වීම් ඇතිව හෙළිපෙහෙළි කිරීම නිසා මේ වන විට කුඩා රක්ෂිත ප්රදේශයන් තුළ කොටුවී සිටින වනසතුන්ද මිනිසුන්ගේ ගොදුරු බවට පත්ව තිබේ.
මේ ආකාරයෙන් හම්බන්තොට රක්ෂිත ප්රදේශයන් තුළ දිනෙන් දින වැඩි වෙමින් පවතින මස් පිණිස මුවන් ඇතුළු වනසතුන් ඝාතනය කිරීම හමුවේ හම්බන්තොට වනජීවී කාර්යාලය මගින් පසුගිය මාස තුන තුළදී පමණක් දඩයක්කරුවන් 07 දෙනෙකු පමණ අත්අඩංගුවට ගෙන ආධිකරණයට ඉදිරිපත් කර ඇත.
දඩයක්කරුවෝ වනසතුන් ඝාතනය කිරීම සඳහා සුලබ ලෙස යොදා ගන්නේ කම්බි මලපුඩු දීම වේ. මේ හේතුවෙන් විශාල ලෙස වනසතුන් මියයන බව වනජීවී නිලධාරීහු පෙන්වා දෙති.
ඒ අකාරයෙන් මලපුඩුවලට හසුවී මිය ගිය මුවන් කිහිප දෙනෙකුම පසුගිය සති කිහිපය තුළ හමු වූ බවත්, වනසතුන් ඇල්ලීම සඳහා හම්බන්තොට රක්ෂිත ප්රදේශයන් තුළ අටවා තිබූ කම්මි මලපුඩු 300කට අසන්න ප්රමාණයක් ඉවත්කිරීමට පසුගිය මාසයක කාලය තුළ කටයුතු කළ බවත් අඩවි වන ආරක්ෂක විජය කුමාර මහතා පවසා සිටියේය.
හම්බන්තොට - රාහුල් සමන්ත හෙට්ටිආරච්චි



popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

