හබරණ වන අලි ඛේදවාචකයට තවත් අලියෙක් බිලි
කොළඹ කොටුවේ සිට මඩකලපුව බලා ධාවනය වූ රාත්රි දුම්රියට හබරණ ප්රදේශයේ දී වන අලියෙකු ගැටී මියගොස් ඇති බව කවුඩුල්ල වන ජීවී නිලධාරීහු පවසති.
කොළඹ සිට මඩකලපුව දුම්රිය මාර්ගයේ හබරණ හා ගල්ඔය දුම්රිය ස්ථාන අතර කිලෝමිටර 132 කණුව අසලදී අද (21) අළුයම 12.45 ට පමණ දුම්රිය මාර්ගය හරහා ගමන් කිරීමට උත්සහ දැරූ වන අලියෙකු ගැටී මියගොස් තිබේ.
ඒ හේතුවෙන් කොළඹ සිට මඩකලපුව දුම්රිය මාර්ගයේ දුම්රිය ගමනාගමන කටයුතු අද උදෑසන වන තෙක් අඩපණ වූ බව ගල්ඔය දුම්රිය ස්ථානයේ සේවකයෙකු පැවසීය.
මීට පෙර ද හබරණ ප්රදේශයේදී දුම්රියේ ගැටී වන අලින් හතර දෙනෙකු මිය ගිය අතර පසුව තවත් අලි තුන්දෙනෙකු වැලිකන්ද ප්රදේශයේ දී මියගොස් උණුසුම මැකී යාමටත් පෙර එම ප්රදේශයේ දී ම නැවතත් වනඅලියෙකු මියගොස් ඇත.
සංජය මධුෂාන්


popular news
-
rocky Sunday, 21 October 2018 06:55 PM
අපේ අපුච්චේ අසරණ බොට කඳා!ඒ කිරි සප්පයාව සිලිසිලි බැග් එකක දාගෙන ගුහිල්ල අර අසපුව ලඟින් වත් තියලා ආවා නම් මේ වගේ වින්නැහියක් වෙන්නේ නැහැ, දෙවියනේ! අනිච්චාවත සංඛාරා!
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

