හක් බෙල්ලන් 226ක් සමඟ අයෙක් නාවික හමුදා භාරයට
නාවික හමුදාව විසින් ඊයේ (1) දින තලෙයිමන්නාරම, ඌරුමලේ සිදු කළ සෝදිසි කිරීමකදි වංලගු අවසරපත් නොමැතිව හක් බෙල්ලන් ප්රවාහනය කළ පුද්ගලයෙකු සහ හක් බෙල්ලන් 226 ක් නාවික හමුදා භාරයට ගෙන ඇත.
ඒ අනුව, උතුරු මැද නාවික විධානය විසින් තලෙයිමන්නාරම, ඌරුමලේ ප්රදේශයේ දි සිදුකල සෝදිසි කිරීමකදි සැකකටයුතු කැබ් රථයක් නිරික්ෂණය කර ඇති අතර, එය පරික්ෂා කරීමේදි එහි ප්රවාහනය කරමින් තිබු හක් බෙල්ලන් ප්රමාණය සමඟ පුද්ගලයෙකු නාවික හමුදා භාරයට ගෙන ඇත.
එම හක් බෙල්ලන් තොගය ඌරුමලේ සිට පේසාලේ දක්වා ප්රවාහනය කරමින් තිබියදි මෙලෙස නාවික හමුදා භාරයට ගෙන ඇති අතර, එම පුද්ගලයා වයස අවුරුදු 51 ක් වන මන්නාරම, පේසාලේ ප්රදේශයේ පදිංචිකරුවෙකු බව හඳුනාගෙන ඇත.
මෙම පුද්ගලයා, හක් බෙල්ලන් ප්රමාණය සහ කැබ් රථය ඉදිරි පරික්ෂණ කටයුතු සඳහා මන්නාරම, ධීවර පරික්ෂක කාර්යාලය වෙත භාර දිමට කටයුතු කරන ලදි.
තවද, ධීවර හා ජලජ සම්පත් පනතට අනුව මිලිමීටර් 70 ට වඩා අඩු විෂ්කම්භයකින් යුතු හක්බෙල්ලන් සන්තකයේ තබා ගැනීම, මිලදී ගැනීම, විකිණීම සඳහා ප්රදර්ශනය කිරීම, විකිණීම, ප්රවාහනය කිරීම හෝ අපනයනය කිරීම සම්පුර්ණයෙන් තහනම් කර ඇත.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

