සා.පෙළ හා උ.පෙළ දෙසැම්බරයේ පැවැත්වීමේ සූදානමක්

අධ්‍යාපන අමාත්‍යාංශයේ නොහැකියාව වසාගැනීම සඳහා සාමාන්‍ය පෙළ විභාගය හා උසස් පෙළ විභාගය දෙසැම්බර් පැවැත්වීමේ සූදානමක් ඇතැයි ගුරු විදුහල්පති වෘත්තීය සමිති එකමුතුව සඳහන් කරයි.
විශ්වවිද්‍යාලවලට ඇතුළත් වීමේ ප්‍රමාදය වළක්වාගැනීමට බව පවසමින් මෙම කටයුත්ත සිදුකරන බව අධ්‍යාපන අමාත්‍යවරයා පවසන බවත්, එහෙත් පසුගිය වසරේ අගෝස්තු මාසයේ පැවැති උසස්පෙළ විභාගය සමත් පිරිස් මෙතෙක් විශ්වවිද්‍යාලවලට ඇතුළත් කරගෙන නොමැති බවත් එම සංගමයේ කැඳවුම්කරු ජෝසප් ස්ටාලින් මහතා සඳහන් කළේය.
විභාග දෙකම එකවර පැවැත්වීමේදී ගැටලු රාශියක් නිර්මාණය වන බවත්, එහිදී විභාග දෙක සඳහා එකවර අතිවිශාල පිරිසක් පෙනී සිටීමේ ගැටලුවක්ද නිර්මාණය වන බවත් පවසා සිටියේය.
මීට අමතරව දෙසැම්බර් මාසයේ පාසල් නිවාඩු කාලය දීර්ඝ කිරීම වැනි කටයුතු පවා සිදු කිරීමට සිදුවන බවත්, මේ නිසා මුලින්ම මෙම යෝජනාව ජාතික අධ්‍යාපන කොමිසමට, අධ්‍යාපනඥයන්ට, විශ්වවිද්‍යාල ප්‍රජාවට, වෘත්තීය සමිතිවලට ඉදිරිපත් කර අදහස් ලබාගත යුතු බවද ජෝසප් ස්ටාලින් මහතා සඳහන් කළේය.
ඕනෑම දෙයක් සිදුකළ යුත්තේ ගැටලු ඇති නොවන ආකාරයට බවත්, විභාග ක්‍රියාවලියේදී ගැටලු ඇති වුවහොත් විභාගයට පෙනී සිටින ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට එය බලපාන බවද හෙතෙම කියා සිටියේය.
popular news
-
Hector Monday, 24 September 2018 09:18 PM
ස්ටලින්ලට කිසිම අලුත් දෙයක් දිරවන්නේ නැහැ. මොනොව හරි ගිරව් වගේ කියවන්න තමඊ දන්නේ. ඒ ගොල්ලෝ කියන දේවල් තමඊ ඔක්කොම හරි. අනේ මෙහෙම රටක්.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

