කරුණු කිහිපයක් මුල්කර ගනිමින් සෞඛ්‍ය වෘත්තීයවේදීන් නොවැම්බර 09වෙනිදා සිට වර්ජනයක නිරත වන බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනයේ කැදවුම්කරු රවී කුමුදේශ් මහතා පවසයි.
අමාත්‍ය මණ්ඩලය අනුමත කළ යෝජනාවකට චක්‍රලේකයක් නිකුත් කිරීමට සෞඛ්‍ය ලේකම්ට මාස 4ක් ඉක්ම ගොස් ඇතැත් නොහැකි වි ඇති බවත් ඔහු පවසයි.
අමාත්‍ය මණ්ඩලය අනුමත කල මාණ්ඩලික සේවා චක්‍රලේඛය, 5/7 උසස්වීම් චක්‍රලේඛය මාස හතරක් තිස්සේ ක්‍රියාත්මක නොකිරීම, ඖෂධ මිල ඉහළ යෑම, අනවශ්‍ය වියදම් කරමින්, අවශ්‍ය සේවාවන් කප්පාදුවක කිරීම, සෞඛ්‍ය ලේකම්ගේ කළමනාකරණය දුර්වල වීම, සෞඛ්‍ය පරිපාලන සේවාව ස්ථාපිත කිරීම, මාණ්ඩලික සේවා චක්‍රලේඛය වහා නිකුත් කිරීම, 5/7 උසස්වීම් චක්‍රලේඛය වහා නිකුත් කිරීම, ඖෂධ මිල අඩු කිරීම, කොමිස් සදහා අනවශ්‍ය උපකරණ මිල දී ගැනීම, අනවශ්‍ය පරීක්ෂණ වියදම් පාලනය කිරීම, සෞඛ්‍ය ණය වහා ගෙවා දැමීම, අඩු ආදායම්ලාභී පාසැල් දරුවන්ගේ සෞඛ්‍ය අවශ්‍යතා තහවුරු කිරීම ආදි කරුණු කිහිපයක් මුල් කර ගනිමින් මෙම වර්ජනය ක්‍රියාත්මක කිරීම නියමිතය.