තම බලය රැකගැනීමේ පටු අරමුණු වෙනුවෙන් අසත්‍ය චෝදනා එල්ල කරමින් තමන්ව බිත්තියට හේත්තු කරමින් ඔවුන්ගේ පටු අරමුනු ලබා ගැනීමට සෞඛ්‍ය ක්ෂේස්ත්රයේ කිසියම් වූ වෘත්තිය සමිතියක් උත්සාහ කරන්නේ නම් තමන්ගෙන් ඊට කිසිදු ඉඩක් නොලැබෙන බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා සඳහන් කරයි.
අද (02) මහනුවරදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව පැවසීය.
“සාධාරණ ඉල්ලීම් ඉටු කිරීමට මා කිසිසේත් පසුබට වන්නේ නැහැ. ප්‍රශ්න මතු කර ඒවා පදනම් කරගනිමින් වෘත්තීය ක්‍රියාමාර්ග වලට යොමු වීමෙන් ජනතාව පීඩාවට පත්වන බව ඒවා මෙහෙයවන පුද්ගලයන් දැනගත යුතුයි. තමන්ගේ බලය රැක ගැනීමේ පටු අරමුණ වෙනුවෙන් වෘත්තිය සංගම් ක්‍රියාත්මක නොවිය යුතුයි. රටේ මිලියන 22 ක ජනතාව සමස්ත සෞඛ්‍ය ක්ෂේත්රය දෙස බලා සිටින බව මෙම සංගම් තේරුම් ගැනීම ඉතා වැදගත්.
කොවිඩ් ව්‍යාප්තිය පාලනය කිරීමට සෞඛ්‍ය ක්ෂේත්රයේ ඉහළ සිට පහළට සියලු දෙනා සුවිශාල කැපවීමක් කළා . එයට මේ රටේ ජනතාවගේ ගෞරවය හා ආදරය නිරන්තරව ඔවුන්ට හිමි වනවා . එසේම පටු අරමුණු වෙනුවෙන් ජනතාව පීඩාවට පත්වන ආකාරයේ වෘත්තීය ක්‍රියාමාර්ග වලට ගොස් සෞඛ්‍ය ක්ෂේත්රයට කළු පැල්ලම් එක් නොකරන ලෙසත් මා වෘත්තිය සමිති සංගම් වලින් ඉල්ලා සිටිනවා යැයි ද පැවසීය .
- ෂේන් සෙනවිරත්න