
සෞඛ්‍ය, පෝෂණ සහ දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න විසින් පහත ප්‍රකාශය කරන්නට යෙදුණු බව 2019 පෙබරවාරි 20 වෙනි දින ඩේලි නිව්ස් පුවත්පත මගින් උපුටා දැක්විණි:
"අපි... දුම්කොළ භාවිතය අඩු කිරීමේ උත්සාහයක් විදියට දුම්කොළවලට 90%ක බදු පනවලා තිබෙනවා."
සිගරට් සඳහා බදු වර්ග දෙකක් පැනවී තිබේ.
- සුරාබදු (Excise tax): නිෂ්පාදනයේදී අය කරගන්නා, සිගරට්ටුවකට නිශ්චිත වූ බදු මුදලකි. සිගරට් මත පනවා ඇති මූලිකම බද්ද සුරා බද්දයි.
- එකතු කළ අගය මත බද්ද (VAT): සිගරට් මිලෙහි ප්‍රතිශතයක් ලෙස.
සිගරට් සමාගම් මගින් සිගරට් මිල නියම කරන්නේ සුරාබද්ද සලකා බලමිනි. එනිසාවෙන් එම බදු ප්‍රතිශතය නිර්ණය කරන්නේ සිගරට් සමාගම් මගින් මිස රජය මගින් නොවේ
පළමු වගුවෙන් පෙන්වා දෙන ආකාරයට 2016 ඔක්තෝබර් මාසයේදී සුරා බද්ද වැඩි කරන්නට යෙදුණු අතර, මසකට පසුව 15%ක් වන එකතු කළ අගය මත බද්ද නැවත පනවන්නට යෙදිණි. මේ සමගින්ම ලංකා දුම්කොළ සමාගමද සිගරට් මිල වැඩි කරන ලදී. මෙම බදු වැඩි කිරීම සහ මිල වැඩි කිරීම මගින්, දළ වශයෙන් 70% -74% අතර ප්‍රතිශතයකින් සමස්ත බදු වැඩිවීමක්ද සිදුවුණු නමුත්, එම අගය අමාත්‍යවරයා ප්‍රකාශ කරනා ලෙසට 90%ක් නොවේ.
මෙයට සමාන ලෙසින් 2018 අගෝස්තුවේදී යම් යම් සිගරට් කාණ්ඩ සඳහා සුරාබද්ද වැඩි වීම තවත් ලංකා දුම්කොළ සමාගමේ මිල ඉහළ දැමීමක් හා එක්වීම මගින්ද, අප විසින් ඉහත පෙන්වා දුන් බදු ප්‍රතිශතය රඳා පවතී.
එබැවින් අපි, අමාත්‍යවරයාගේ මෙම ප්‍රකාශය සාවද්‍ය එකක් ලෙසින් පෙන්වා දෙමු.

* මිලිමීටර 72-84 ත් අතර සහ මිලිමීටර් 84 ට වැඩි යන සිගරට්ටු දිග කාණ්ඩයන් සඳහා සුරා බද්දේ වැඩිවීමක් ඇත
මූලාශ්‍ර: අති විශේෂ ගැසට් නිවේදන, ශ්‍රී ලංකා මහ බැංකුව 2016 වාර්ෂික වාර්තාව සහ ජනමාධ්‍ය
FactCheck හි නිශ්චය පාදක වී ඇත්තේ පොදු ජනයාට ප්‍රවේශ විය හැකි, වඩාත්ම යාවත්කාලීන තොරතුරු මතයි. අපගේ සෑම කරුණු සොයා බැලීමකදීම වෙනත් නව තොරතුරු අනාවරණය වන්නේ නම්, FactCheck හි මෙම ඇගයීමද නිසි ලෙස යාවත්කාලීන කිරීමට අප සූදානම්.
FactCheck යනු වෙරිටේ රිසර්ච් ආයතනයට අයත් ජාලගත වේදිකාවකි. වැඩිදුර තොරතුරු දැනගැනීම සදහා factcheck.lk වෙත පිවිසෙන්න.