සෞඛ්‍යයට පසුගිය වසරේදී රු බිලියන 190ක්
සෞඛ්‍ය සේවාව වෙනුවෙන් පසුගිය වසරේදී රුපියල් බිලියන 190ක් වැයකර ඇති බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සඳහන් කළාය.
2020 වසරේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ රාජකාරී කටයුතු ආරම්භ කිරීමේදී අමාත්‍යාංශය කාර්ය මණ්ඩලය අමතමින් ඇය මේ බව සඳහන් කළාය.
“ඉහළ ප්‍රමිතියෙන් යුත් සහ සාධාරණ මිලකට ඖෂධ ලබා ගැනීම අපේ අමාත්‍යාංශයේ ප්‍රතිපත්තිය විය යුතුයි. ප්‍රතිකාර ලබාගැනීම සදහා පැමිණෙන රෝගීන් දෙස සානුකම්පිතව බැලිය යුතු වෙනවා. රුපියල් බිලියන 190 ක් ගිය වසරේ සෞඛ්‍ය අමාත්‍යාංශයට සෞඛ්‍ය සේවා සඳහා වෙන් කර තිබුණා.
එවැනි මුදලක් රටේ බදු ගෙවන ජනතාවගේ මුදල් වලින් රටේ ජනතාවට නොමිලේ සෞඛ්‍ය සේවා සැපයීමට වෙන් කළාම ඒ බදු ගෙවන ජනතාවට සාධාරණයක් ඉෂ්ඨ වුණා ද, ඉදිරියට එම සාධාරණය ජනතාවට ලබාදෙන්නේ කොහොම ද කියන ඒක කල්පනා කරන්න ඕන.
කොච්චර මුදල් වියදම් කළත් ප්‍රතිකාර ලබාගැනීමට රෝහලට පැමිණෙන පුද්ගලයා සතුටින් රෝහලෙන් එළියට එන්නේ නැත්නම්, ජනතාව සෞඛ්‍ය සේවාව ගැන තෘප්තිමත් නැත්නම් සෞඛ්‍ය සේවකයින්ගෙන් එම යුතුකම ඉෂ්ඨ වෙලා නැහැ. සියළු දෙනාටම සාධාරණය ඉෂ්ඨ කරන වසරක් ලෙස මේ වසර පත්කර ගත යුතුයි.”

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

