රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණ ඇතුළුව රටට එරෙහිව සිදුවන දේශපාලන කුමන්ත්රණවලට එරෙහිව කුමන්ත්‍රණ විරෝධී පෙරමුණක් පිහිටුවීමට ජනතා විමුක්ති පෙරමුණේ හිටපු නායක සෝමවංශ අමරසිංහ මහතා සූදානමින් සිටියි.
දේශපාලන කුමන්ත්රණවලට එරෙහි සියලු පාර්ශව ඒකරාශී කරමින් එම පෙරමුණ විසින් නුදුරේම කුමන්ත්‍රණ විරෝධී පාගමනක් පැවැත්වීමට සූදානම් බවද හෙතෙම ඊයේ (19දා) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේය.
ජනාධිපතිවරයාට එරෙහිව ඇති කුමන්ත්‍රණ වළකන ලෙසට බල කරමින් තමන් කළ උපවාසයෙන් අනතුරුව ජනාධිපතිවරයාගේ ආරක්ෂක විධිවිධාන වෙනස් වූ බවත්, ජනාධිපතිවරයාද ආරක්ෂාව පිළිබඳව තමන් සඳහන් කළ කරුණු සමග එකඟ වූ බවත් අමරසිංහ මහතා පැවසීය.
ඒ මහතා වැඩිදුරටත් අදහස් දක්වමින්,
“රටේ ආරක්ෂාව තිබෙන්නේ ජනාධිපති ළඟ. ඒ නිසා ජනාධිපතිගේ ආරක්ෂාව රටට වැදගත්. ජනාධිපතිවරයා නැතිවුවහොත් සති 02කට වැඩ බලන්නෙ අගමැති. පසුව පාර්ලිමේන්තුවේ බහුතර කැමැත්ත ඇති අයෙකු බලයට ගේන්න ඕනෑ. මෙසේ වුවහොත් බලය හිමිවන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාදඩ අංශයට. ඒ නිසා ජනපතිගේ ආරක්ෂාව තර විය යුතුයි. තවමත් මහා අනතුරක් ඔහුගේ ජීවිතය ගැන තියෙනවා. මං දැක්කා ඇමති අකිල විරාජ් කියනවා ඒ ගැන හෙමින් බලන්න කියා. මේ ආරක්ෂක ප්රශ්නය තවමත් ඇති බවට ජනාධිපතිවරයත් මා සමග එකඟ වුණා. දැන් කුමන්ත්‍රණ ඇති බව මගේ නම නොකියා සමහරුන් කියනවා. ජනාධිපතිවරයාගේ ජීවිතයට තුන්වරක් අනතුරු සිදුවීමට යද්දී ජනතා විමුක්ති පෙරමුණත් කිසිවක් කරන්නෙ නැහැ" යැයි පැවසීය.