සේවයේ නිරත ආරක්ෂක අංශ නිලධාරීන් තේරීම් කාරක සභාවට ඉදිරිපත් කරන්නේ නෑ
පාර්ලිමේන්තු කාරක සභාවක් විසින් බුද්ධි අංශ නිලධාරින් ගෙන්වා රාජ්‍ය බුද්ධි තොරතුරු මාධ්‍ය ඉදිරියේ අනාවරණය කරවීම තමා කිසිසේත් අනුමත නොකරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
මේ වන තෙක් තේරීම් කාරක සභාවට කැඳවා ඇත්තේ සේවයෙන් ඉවත් කරන ලද නිලධාරින් බවත්, දැනට සේවයේ නිරතව සිටින ආරක්ෂක අංශවලට අයත් කිසිදු නිලධාරියෙක් තේරීම් කාරක සභාවට ඉදිරිපත් නොකරන අතර, එම සියලූදෙනා පිළිබඳ වගකීම තමා භාරගන්නා බව ද ජනාධිපවරයා ප්‍රකාශ කළේය.
ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව සඳහන් කළේ පොලිස් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් සමඟ මාසිකව පැවැත්වෙන රැස්වීම අද (07දා) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවැත්වුණු අවස්ථාවේ දී ය.
පාස්කු ඉරිදා සිදුවීමට අදාළ නඩු 05ක් මේ වන විට ශ්‍රේෂ්ඨාකරණයේ විභාගයට ගැනෙමින් පවතින අතර, එවන් අවස්ථාවක තේරිම් කාරක සභාවත් පත්කර කටයුතු කිරීම, එම ශ්‍රේෂ්ඨාධිකරණ ක්‍රියාවලියට අහිතකර තත්ත්වයක් බව නීතිපතිවරයා තමා වෙත ලිඛිතව දන්වා තිබෙන බවත්, ජනාධිපතිවරයා ලෙස තමා එය කථානායකවරයාට ඉදිරිපත් කර තිබෙන අතර, ජනාධිපතිවරයා විසින් යොමු කරන එවන් ලිපි ලේඛන පාර්ලිමේන්තුව ආරම්භයේ දී සාම්ප්රදායානුකූළව කතානායකවරයා විසින් ඉදිරිපත් කළ යුතුව ඇති නමුත්, කථානායකවරයා ඒ පිළිබඳ පාර්ලිමේන්තුවේ කිසිදු ප්‍රකාශයක් සිදු නොකිරීම පිළිබඳ තමා කනගාටුවන බව ද ජනාධිපතිවරයා මෙහිදී කියා සිටියේය.
popular news
-
sg Saturday, 08 June 2019 12:10 AM
කතානායක අපක්ෂ පතී පුද්ගලයෙක් nowei
Reply : 0 0
Don Saturday, 08 June 2019 08:26 AM
පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත්කරේ එයාගේ ගෝලයන්ගේ ඉල්ලීමට. එයාලම පස්සේ එකට විරුද්ධ වෙලා කතානායකට පහර ගැසුවාට වැඩක් නා. කවුද වැරදි කියල ලෝකෙට හෙළිවෙලා ඉවරයි.දැන් කවුරු අවත නැතත් හොරු අහුවෙලා ඉවරයි.ජනාධිපතිවරණයට ඉදිරිපත්වෙනකම් තමයි බලාගෙන ඉන්නේ.
Reply : 0 0
dayan Saturday, 08 June 2019 08:51 AM
මෙතෙක් සාක්ෂි ප්‍රමාණවත් තීන්දුවකට එළබෙන්න තවදුරත් හැන්ගීමෙන් පලක් නැහැ. ආරක්ෂක තත්වයට මේ කොමිටියෙන් කිසිම බාධාවක් උනේ නෑ. රටේ ආරක්ෂාවට මොකද වෙලා තිබුනේ කියල මජනතාවට අවබෝද උනා.
Reply : 0 0
shan Saturday, 08 June 2019 11:16 AM
ඇයි මේ බය වෙලා කිසිම නීතියක් බලපෑමක් කරන්න ඕනේ නැහැ වරද සිදු උනේ කොහොමද කොතනද වැරදුනේ කියල හොයාගන ඒකට පිළියම් කලානම් ඉවරයි ඇයි මේ සදහා ඉදිරිපත් වන නිලදාරීන් වසන් කරන්නේ එකෙන් පේනවා තමන් වරදක් කල් බව හා ඒ නිසා මේසක් විනාසයක් සිදුඋන බව තමාම පිළිගන්න බව ඒක නිසා තවත් නන්නත්තාර වෙන්නේ නැතුව මේක විසදන්න ඉඩ දීල බල ඉන්න මොකද පුජිත් වරද කරු උනේ ඔබගේ ප්රකෂය අනුව කිසිම පරීක්ෂණයකින් තොරවනේ ඒ තමන්ගේ වරද වෙන කෙනෙකුට පටවා අතපිස දමා ගැනීමක් සදහානේ ජනතාව දැන් සියල්ල දන්නවා නැති ලෙඩ දාගන්න එපා තේරීම් කාරක සභාව මාධ්‍යට විවුර්ත නිසා සියල්ල පැහැදිලී
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

