හොරණ නගරයේ මූල්‍ය ආයතනයක් කොල්ලකෑමට තැත්කළ පුද්ගලයෙකු පොලිස් වෙඩිපහරින් තුවාල ලබා හොරණ රජයේ රෝහලේ ප්‍රතිකාර ලබන බව පොලීසිය පවසයි.
අද (16දා) අලුයම 3ට පමණ මූල්‍ය ආයතනයකට අදාළව හොරණ පොලිස් ස්ථානයේ ස්ථාපිත කර ඇති ආරක්ෂක නළාව නොකඩවා නාද වීම හේතුවෙන් හොරණ පොලිස් ස්ථානයේ අපරාධ අංශයේ නිලධාරීන් එම ස්ථානයට පැමිණි පසු දැක ඇත්තේ එම මූල්‍ය ආයතනයට අනවසර ඇතුළුවීමක් සිදුව ඇති බවයි.
එහිදී පොලිස් නිලධාරීන් මූල්‍ය ආයතයට ඇතුළු වි ඇති අතර එහි පළමු මහෙල් යම් පුද්ගලයෙකු සිටින අයුරු පොලීසිය දැක තිබේ.
එම සැකකරු පොලීසිය දෙසට තම අතෙහි තිබූ ගිනි අවිය එල්ල කර තිබේ. ක්ෂණිකව ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරියෙකු සැකකරුගේ දකුණු පාදයට වෙඩි තබා ඇත.
ඉන් අනතුරුව පොලීසිය කළ විමර්ශන වලදී හෙළිව ඇත්තේ සැකකරු සන්තකයේ තිබී ඇත්තේ ප්ලාස්ටික් සෙල්ලම් පිස්තෝලයක් බවයි.
සිදුවීමෙන් තුවාල ලබා ඇත්තේ මීමින, පොකුණුවිට පදිංචි ජනිත් පුෂ්ප කුමාර නැමැත්තෙකි.
