සෙමි බස් ලබන මාසයේදී අහෝසියි
අර්ධ සුඛෝපභෝගී බස් රථ සේවාව අහෝසි කිරීමට සියලු කටයුතු සූදානම් බව ප්‍රවාහන කළමනාකරන අමාත්‍යාංශය පවසයි.
ඒ අනුව ඊට අදාලව මේ වනවිට සියලුම පියවර ගෙන ඇති බවත්, ලබන මාසය තුළ අර්ධ සුඛෝපභෝගී බස් රථ සේවාව අහෝසි කිරීමට හැකි බවත් අමාත්‍යාංශයේ ලේකම් ගාමිණී සෙනවිරත්න මහතා විශයභාර අමාත්‍ය මහින්ද අමරවීර මහතාට පවසා තිබේ.
මෙම බස් සේවය අහෝසි කිරීමෙන් පසුව හැකි නම් එම බස් රථ අධිවේගී මාර්ගවල අවම මිලක් යටතේ ධාවනය කිරීමට ඇති හැකියාව සම්බන්ධව සොයා බලන්නැයිද, විශේෂයෙන් දුරබැහැර සිට සේවය සඳහා පැමිණෙන කාර්යාල සේවකයින්ට ප්‍රවාහන පහසුකම් සැපයීමට එම බස් රථ යොදා ගත හැකි ද යන්නත් සොයා බලන ලෙස අමාත්‍යවරයා ජාතික ගමනාගමන කොමිසමට උපදෙස් දුන්නේය.
popular news
-
lalith Sunday, 22 December 2019 12:08 PM
ඒවායේ ඇති පහසු කමක් නැහැ , මගී ජනතාවගෙන් වැඩි මුදලක් අය කරන එක විතරයි.මේ රජය කරන ලද වඩාත් හොද වැඩක්, තීරණය ගත අ යට බොහෝම ස්තුතියි .
Reply : 3 17
Deepal Nirosh Sunday, 22 December 2019 08:10 PM
බොහෝ ප්‍රමාද වුවත් කාලෝචිතව ගත යුතු අනිවාර්ය පියවරක්, මේ තීරණය ආපස්සට නොඒවා යන්න අපගේ පැතුමයි.
Reply : 2 1004
Herath Monday, 23 December 2019 01:25 PM
බොහෝම හොද වැඩක් .ගොඩක් දුර බැහැර දුප්පත් මිනිස්සු මේ බස් සේවාව නිසා අසරණ වෙලා.දුර ගමන් සේවා වල සාමාන්‍ය බස් වලට වඩා මේ බස් වැඩියි .අකමැත්තෙන් කරන්ඩ දෙයක් නෙතුව මේවට ගොඩවෙන මිනිස්සු ඕන තරම් .
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

