සිසුවියක් අපයෝජනය කළ යොවුන් පාර්ලිමේන්තු මන්ත්රී අත්අඩංගුවට
උසස් පෙළ විභාගය නිමාවී නිවෙස බලා යමින් සිටි සිසුවියක පැහැරගෙන ගොස් පලෙයි ප්රදේශයේ කැලෑවක රඳවාගෙන අපයෝජනය කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් කිලිනොච්චියේ යොවුන් පාර්ලිමේන්තුවේ මන්ති්රවරයකු අද (22දා) සැකපිට අත්අඩංගුවට ගත් බව පුදුකුඩිඉරුප්පු පොලිසිය කියයි. සැකකරු පලෙයි ප්රදේශයේ පදිංචි 26 හැවිරිදි කන්දයියා විජයරූබන් නැමති තරුණයෙකි.
සිසුවිය විභාගට ගොස් නැවත නිවසට නොපැමිණි බවට සිසුවියගේ ඥාතීන් පුදුකුඩුඉරිප්පු පොලිසියට කළ පැමිණිල්ලක් අනුව පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබුණු අතර මුලතිව් පාසලක සිසුවියක වන ඇය ඉකුත් 19 දින උසස් පොළ විභාගය නිමවී නිවෙස බලා යමින් සිටියදී මෙම සැකකරු වෑන් රථයකින් හා යතුරු පැදි කිහිපයකින් පිරිසක් සමග පැමිණ සිසුවිය පැහැරගෙන ගොස් පලෙයි කෑලෑ ප්රදේශයක රැයක් පුරා රඳවාගෙන අපයෝජනය කර ඇති බවට පොලිසිය වෙත පැමිණිලි ලැබී ඇත.
පසුව සැකකාරි මන්ති්රවරයා පෙරේදා (20) පෙරවරුවේ මෙම සිසුවිය මුදා හැර ඇති අතර ඇය නිවසට ගොස් ඥාතීන් සමග පොලිසියට ගොස් සිද්ධිය පැමිණිලි කිරීමෙන් පසුව පුදුකුඩඉරිප්පු පොලීසිය විසින් සැකකාර මන්ත්රීවරයා අත්අඩංගුවට ගෙන ඇත. සෙසු සැකකරුවන්ද අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ ආරම්භ කර ඇත.

popular news
-
Champa Wednesday, 22 August 2018 05:35 PM
උතුරත් එකයි දකුණත් එකයි. කාන්තාවන්ටවත් දරුවන්ටවත් කිසි ආරක්ෂාවක් නැහැ. වහල් ආණ්ඩුව දුන්නු "ප්රජාතන්ත්රවාදී නිදහස" තමයි මේක. ඕන පරෙයෙකුට කිසි බයක් සැකක් නැතුව දරුවන්ව කාන්තාවන්ව අපහරණයට අතවරයට ලක් කරන්න පුළුවන්. කාන්තාවකට හෝ දරුවෙකුට තනිවම රෑක තියා දහවලකවත් පාරේ බැහැල යන්න බැහැ. දෙන්න එපා එකෙක්ටවත් ඇප හේම. ----- ඔන්න විජයකලා අර ස්විස් කුමාර්ව නිදහස් කළා වගේ මේකව නම් නිදහස් කරගන්න හදන්න එපා හොඳද. LTTE කැලා දඬුවමක් තමයි විජයරූබන්ට දෙන්න ඕනේ. මොකොද කියන්නේ?
Reply : 0 26
අප්පුහාමි Wednesday, 22 August 2018 10:02 PM
සුදුසුකම් සපුරන මන්ත්රී වරයෙක්. ඔබට ඊළඟ චන්දෙත් ජය ලැබෙයි.
Reply : 0 10
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

