දෙදහස් අට සහ දෙදහස් නවය වසරවල කොළඹ සහ ත්‍රිකුණාමලය ප්‍ර‘දේශයේ පාසල් සහ විශ්වවිද්‍යාල ප්‍ර‘වේශ ලබා සිටි ශිෂ්‍යයන් දසදෙනාගේ අතුරුදන් වීමට නාවික හමුදාව යටතේ රහසිගතව ක්‍රියාත්මක වූ විශේෂ ඒකකයක් සම්බන්ධ බවට තොරතුරු හෙළි වී තිබේ.
මෙම තොරතුරු හෙළිවීමත් සමග ඒ පිළිබඳව පොලිස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබෙන අතර, ඒ පිළිබඳව නාවික හමුදාවේ නිලධාරීන් 09 දෙනෙකුගෙන් මේ වනවිට ප්‍රකාශද සටහන් කරගෙන තිබේ.
කප්පම් ලබාගැනීම සඳහා මෙම පිරිස පැහැරගෙන තිබෙන අතර, මෙලෙස පැහැරගෙන ගිය කිසිවෙකුත් පිළිබඳව මේ වන තෙක් තොරතුරු හෙළි වී නැත.
ළමයින් අතුරුදන් කිරීමට සම්බන්ධ බවට චෝදනා එල්ල වී තිබෙනා මෙම නාවික හමුදාවේ විශේෂ ඒකකය පිළිබඳ එවකට නාවික හමුදාපති ලෙස කටයුතු කළ වසන්ත කරන්නාගොඩ මහතා පවා මුල්කාලයේ නොදැන සිටි බවටත් වාර්තා වේ.
මෙලෙස පැහැරගත් ළමයින් ඇපයට තබාගෙන දෙමාපියන්ගෙන් රුපියල් ලක්ෂ ගණන් කප්පම් ලබාගෙන තිබෙන බවත්, එලෙස අතුරුදන් වී ඇති දරුවන් දස දෙනාගෙන් පස්දෙනෙකුගේ හැදුනුම්පත් 05ක්ද පොලීසිය සොයාගෙන තිබේ. මේ දරුවන් අතරට සිංහලයන් දෙදෙනෙක්, මුස්ලිම් තරුණයන් දෙදෙනෙක් සහ දමිළ තරුණයන් හයදෙනෙක් ඇතුළත් වේ.
මේ පිළිබඳව %අද^ පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ අජිත් රෝහණ මහතාගෙන් කළ විමසීමකදී සඳහන් කළේ මෙම පිරිස අතුරුදන් කිරීමට නාවික හමුදාවේ විශේෂ ඒකකයක් සම්බන්ධ බවට තොරතුරු හෙළිවීම නිසා ඒ පිළිබඳව පරීක්ෂණයක් ආරම්භ කළ බවය.
අතුරුදන් කිරීම සම්බන්ධයෙන් පොලීසියට පැමිණිලි ලැබී තිබෙන බවත්, මීට අමතරව නාවික හමුදාව තුළ රහසිගතව ක්‍රියාත්මක වූ මෙම ඒකකය පිළිබඳව එවකට නාවික හමුදාපතිවරයා ලෙස කටයුතු කළ වසන්ත කරන්නාගොඩ මහතාද පැමිණිලි කර තිබෙන බවද මාධ්‍ය ප්‍රකාශකවරයා පවසා සිටියේය.